Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball කී‍්‍රඩා තරු 24 කට ජනාධිපති සම්මාන

කී‍්‍රඩා තරු 24 කට ජනාධිපති සම්මාන

ශනුක අරවින්ද - 2016 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රිකට් තරු වැඩියෙන් බැබලූණු ජනාධිපති සම්මාන ක‍්‍රීඩා වර්ණ ප‍්‍රදානෝත්සවයේදී (2015) වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සම්මාන ලැබීය. එහිදී වටිනාම සම්මානය වූ වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩකයාට හිමි සම්මානය මෙන්ම වසරේ ජනප‍්‍රියතම ක‍්‍රීඩකයාට හිමි සම්මාන දෙකම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත් විය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලදී.

එහිදී හිටපු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙන්ම ක‍්‍රීඩා පරිපාලන නිලධාරීන් හා පුහුණුකරුවන් ලෙස රටට අද්විතීය මෙහෙවරක් කළ 14 දෙනෙකු ජනාධිපතිවරයා අතින් විශේෂ ඇගයීමේ සම්මාන ලැබූහ.

ඒ අතර හිටපු සුපිරි දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්, හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග, ඔලිම්පික් පදක්කම්ලාභී හිටපු මලල ක‍්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීහුද වූහ.

අන්තර්ජාතික ක‍්‍රිකට් තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා එහිදී වසරේ විශිෂ්ටතම තීරකවරයා හා විශිෂ්ටතම ක‍්‍රීඩා පෞරුෂත්වය වෙනුවෙන් ද්විත්ව සම්මාන දිනා ගැනීමද කැපී පෙණුනි.

වසර 2015 ආසියානු කණිෂ්ඨ දැල්පන්දු කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම වසරේ විශිෂ්ටතම කණිෂ්ඨ ක‍්‍රීඩා කණ්ඩායම සම්මාන දිනා ගනිද්දී එහි නායිකා ගයනි දිසානායක වසරේ ජනප‍්‍රියතම ක‍්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගත්තාය.

ක‍්‍රීඩා ඉසව් 25කට අයත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහාද එහිදී ඇගයීමේ සම්මාන ප‍්‍රදානය කළ අතර ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් ප‍්‍රදානය කළ එහි සම්මානයද කුමාර් සංගක්කාර මහතාට ප‍්‍රදානය වීම කැපී පෙණුනි.

වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා ජනමාධ්‍යවේදියාට හිමි සම්මානය විජය පුවත්පත් සමාගමේ සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ක‍්‍රීඩා කර්තෘ එස්.ආර්. පතිරවිතාන මහතා දිනා ගත්තේය. එහිදී ඔහු සංස්කරණය කරන ක‍්‍රීඩා පිටුව වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා පිටුව (ඉංග‍්‍රීසි) ලෙසද සම්මානයට පාත‍්‍ර විය.

 

ජනාධිපති ක‍්‍රීඩා සම්මාන ප‍්‍රදානෝත්සවයේ සම්මානලාභීන්

  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩකයා:- කුමාර් සංගක්කාර (ක‍්‍රිකට්)
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩිකාව:- නිමාලි ලියනාරච්චි (මලල ක‍්‍රීඩා)
  • වසරේ ජනප‍්‍රියතම ක‍්‍රීඩකයා:- කුමාර් සංගක්කාර (ක‍්‍රිකට්)
  • වසරේ ජනප‍්‍රියතම ක‍්‍රීඩිකාව:- ගයානි දිසානායක (දැල්පන්දු)
  • වසරේ විශිෂ්ටතම කනිෂ්ඨ ක‍්‍රීඩකයා:- ධම්මික රණතුංග
  • වසරේ විශිෂ්ටතම කනිෂ්ඨ ක‍්‍රීඩිකාව:- සමානි දුලාංජලී (මලල ක‍්‍රීඩා)
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩකයා (ආබාධිත):- අනිල් ප‍්‍රසන්න ජයලත් (මලල ක‍්‍රීඩක - දණහිසෙන් ඉහළ)
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩිකාව (ආබාධිත):- අමරා ඉන්දුමතී කරුණාතිලක (එක් අතක් අහිමි මලල ක‍්‍රීඩා)
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා කණ්ඩායම:- ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා (කනිෂ්ඨ)  කණ්ඩායම:- ශ්‍රී ලංකා ජාතික (කනිෂ්ඨ) දැල්පන්දු කණ්ඩායම
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා පෞරුෂත්වය (පිරිමි):- රංජන් මඩුගල්ලේ (ක‍්‍රිකට්)
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා ඡුායාරූප ශිල්පියා:- ඩෙනිස් ප‍්‍රසන්න මුතුතන්ත‍්‍රි
  • වසරේ විශිෂ්ටතම ගුවන් විදුලි (ක‍්‍රීඩා) වැඩසටහන:- ශ්‍රී.එෆ්.එම්.
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා ප‍්‍රකාශකයා:- අශෝක ගුණතිලක
  • වසරේ විශිෂ්ටතම විවේකි ක‍්‍රීඩා පහසුකම් සපයන්නා:- ලංකා ස්පෝට් රයියින්
  • වසරේ විශිෂ්ටතම පරිපාලන (ක‍්‍රීඩා) නිලධාරියා:- සමන්ත නානායක්කාර
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා වෛද්‍යවරයා:- වෛද්‍ය ප‍්‍රදීප් නිරිඇල්ල
  • වසරේ විශිෂ්ටතම (කනිෂ්ඨ) පුහුණුකරු:- අනුර බණ්ඩාර
  • වසරේ විශිෂ්ටතම පුහුණුකරු:- ඒ.එස්.එන්. අබේසේකර
  • වසරේ විශිෂ්ටතම විනිසුරු, තීරක, තාක්‍ෂණික නිලධාරීන් උදෙසා ප‍්‍රදානය කරන සම්මානය:- රංජන් මඩුගල්ලේ
  • වසරේ විශිෂ්ටතම ජාතික පුවත්පත් ක‍්‍රීඩා පිටුව:- සන්ඬේ ටයිම්ස්
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා පිටුව (මුද්‍රිත සිංහල) :- දිවයින
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා පිටුව (මුද්‍රිත ද්‍රවිඩ) :- වීරකේෂරි
  • වසරේ විශිෂ්ටතම රූපවාහිනී (ක‍්‍රීඩා) වැඩසටහන:- ‘දිනන ළමයි’ හිරු
  • වසරේ විශිෂ්ටතම සජීවි රූපවාහිනී ක‍්‍රීඩා වැඩසටහන:- ගුවන් හමුදා පාපැදි සවාරිය (ජාතික රූපවාහිනිය)
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා (මුද්‍රිත) මාධ්‍යවේදියා:- එස්.ආර්. පතිරවිතාන (සන්ඬේ ටයිම්ස්)
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා (විද්‍යුත්) මාධ්‍යවේදියා:- සාරංග පතිරණ (හිරු)
  • වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා අනුග‍්‍රාහකයා:- ඩයලොග් ආසියාටා

 

විශේෂ අගැයීමේ සම්මාන

  • ක‍්‍රීඩාභිමානී:- සුසන්තිකා ජයසිංහ, අර්ජුන රණතුංග හා මුත්තයියා මුරලිදරන්
  • ක‍්‍රීඩා දේශාන්තර:- සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා හා ඩබ්ලිව් විමලදාස
  • ක‍්‍රීඩා කීර්ත:- එස්.එල්.බී. රෝසා හා නාගලිංගම් එදිරිවීරසිංහම්
  • ක‍්‍රීඩා ලංකා ප‍්‍රදීප:- සුනිල් ගුණවර්ධන, ඒ. පේ‍්‍රමචන්ද්‍ර හා කෝසල සහබන්දු
  • ක‍්‍රීඩා රත්න:- ජුලියන් බෝළිං
  • ක‍්‍රීඩා ප‍්‍රභා:- සුනිල් ජයවීර හා ලලිත් ගුණවර්ධන
  • 25 වසරක සේවය අගැයීමේ රන් සම්මාන:- ආර්.බී. වික‍්‍රමසිංහ, ඩබ්. ධර්මදාස, රංජිත්් අලූවිහාරේ, නෝබට් පෙරේරා, කේ.එම්.එච්. බණ්ඩාර, ගාමිණී කොස්තා, ගාමිණි සියමුදලි, එස්.ජේ.සී. දිසානායක, එස්.පී. ද සිල්වා, ඩබ්.ඒ. සුනිල්, ආර්.එම්.ඞී.ඒ. සෙනරත්, ඩබ්.ජී. දයාරත්න, ජී.සී.එස්.කේ. සිල්වා, ටී.සී. වික‍්‍රමසිංහ, ඞී.ආර්. සිරිමල්වත්ත, අතුල කළුබෝවිල, රවීන්ද්‍ර බණ්ඩාර, කෙනඩි වීරසිංහ, නිමල් ධර්මරත්න, එස්.පී. රත්නායක, ඩබ්.කේ.පී.බී. සෙනවිරත්න

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඡායාරූප - ශාන්ත රත්නායක

 

●●●


අදහස් (0)

කී‍්‍රඩා තරු 24 කට ජනාධිපති සම්මාන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.