Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති සමුගනී

ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති සමුගනී

ශනුක අරවින්ද - 2017 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති හා ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන රෝයි ද සිල්වා මහතා අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 80 හැවිරිදි වියේ පසුවූ ඔහු දරුවන් දෙදෙනකුගේ පියකු වන අතර, 1984 සිට 1997 දක්වා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙසත්, 1980 සිට 1997 දක්වා ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළේය.

ඔහුගේ ක‍්‍රීඩා පරිපාලන දිවියේ සුවිශේෂිතම අවස්ථාව ලෙස සටහන් වන්නේ ආසියා ඔලිම්පික් කමිටුවේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරමින් 1990 ඉන්දියාවේ ‘‘නවදිල්ලි’’ නුවර පැවැති ආසියානු ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගි වීමයි.

ඒ වන විට එහි උපසභාපතිවරයකු ලෙස සිල්වා මහතා කටයුතු කරමින් සිටි අතර, ආසියානු ක‍්‍රීඩා උළෙලේදී එවැනි ගෞරවයක් ලබා ගත් එකම ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ක‍්‍රීඩා ඉතිහාසයට එක්විය.

දකුණු ආසියානු (සාග්) ක‍්‍රීඩා උළෙල ආරම්භ කිරීමේ පුරෝගාමියකු ලෙසත් රෝයි ද සිල්වා මහතාගේ නාමය ක‍්‍රීඩා ඉතිහාසයට එක්වේ.


පේරාදෙණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (11) පස්වරු 6.00 ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය මහනුවර නගරයේ මහනුවර මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
 

 

 


අදහස් (0)

ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.