Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ආසියානු කාන්තා ශූරතාවලියට 14 දා යයි

ආසියානු කාන්තා ශූරතාවලියට 14 දා යයි

editorial - 2019 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු 20 වන ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් ශූරතාවලිය අගෝස්තු මස 17 සිට 25 දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වේ.  රටවල් 13 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සදහා  ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තු 14 දින කොරියාව බලා පිටත් වීමට නියමිතය.

ශ්‍රී ලංකාව ඇතුළත් ඩී කාණ්ඩයට යටතේ  චීනය හා ඉන්දුනීසියාව  ද ඇතුළත් වෙයි.

පළමු තරගය සදහා අගෝස්තු 18 දින චීනයට එරෙහිවද,  දෙවන තරගය අගෝස්තු 19 දින ඉන්දුනීසියාවට එරෙහිව ද පැවැත්වේ.

2017  තරගාවලිය අවසානයේ දී  පිලිපීනය ප්‍රථම ස්ථානය දිනාගත් අතර ශ්‍රී ලංකාව රටවල් 14 ක් අතුරින් 13 වැනි ස්ථානයට පැමිණියේය.

 1975 දී ආරම්භ  වූ මෙම තරගාවලියේ දී චීනය ශූරතා 13 ක් දිනාගත් අතර ජපානය එම ශූරතාවය අවස්ථා 4 ක දී හිමිකරගෙන තිබේ.

....


අදහස් (0)

ආසියානු කාන්තා ශූරතාවලියට 14 දා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.