Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ආරාධිත පාසල් තරග 9-10

ආරාධිත පාසල් තරග 9-10

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විද්‍යාලීය වොලිබෝල් උපදේශන සහ කළමනාකරණ කමිටුව සංවිධානය කරන බස්නාහිර පළාත් ආරාධිත පාසල් වොලිබෝල් තරගාවලිය මේ මස 9 සහ 10 යන දෙදින තුළ කොළඹ 07 රීඞ් මාවතේ පිහිටි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 12 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ අනුග්‍රාහකත්වය දරනු ලබන්නේ රාජකීය විද්‍යාලීය ආදි ශිෂය සංගමයයි. 

තරගාවලියේ සමාරම්භක උළෙල 9 වැනිදා පෙරවරු 8.30 ට රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරගය 10 වැනිදා පෙරවරු 10.30 සිට පැවැත්වේ. 

මෙම තරගාවලියේදී බාලක අංශය සඳහා අවුරුදු 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ යන වයස් කාණ්ඩ 4 යටතේ තරග පැවැත්වෙන අතර බාලිකා අංශය සඳහා අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය යටතේ තරග පැවැත්වේ. තරගාවලිය සඳහා බස්නාහිර පළාතේ පාසල් 50 ක කණ්ඩායම් 100 ක් පමණ සහභාගිවීමට නියමිතය. 

තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා දිවයිනේ ඉහළ පෙලේ විනිසුරුවරුන් සහභාගි වන අතර ජයග්‍රාහකයන්ට සමාප්ති උළෙලේදී ශූරතා කුසලාන පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙනු ඇත. විශිෂ්ඨම ක්‍රීඩකයාට සහ හොඳම පන්දු පිරිනමන්නාට විශේෂ සම්මාන රැසක්ද ප්‍රදානය කිරීමට නියමිතය. 

-036 


අදහස් (0)

ආරාධිත පාසල් තරග 9-10

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.