Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball 23 න් පහළ කාන්තා තරගාවලියට යයි

23 න් පහළ කාන්තා තරගාවලියට යයි

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේ‘නිකොන්-රැට්බසීමා’ නගරයේදී රටවල් 13 ක සහභාගිත්වයෙන් ලබන සෙනසුරාදා (13) ආරම්භ වන දෙවැනි ආසියානු වයස 23න් පහළ කාන්තා යොවුන් වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණි. තිලිණි වාසනා පෙරේරාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමත් සහභාගිවන අතර එහිදී චින-තයිපේට එරෙහිව ශ්‍රී ලංකාව පළමු තරගයට සෙනසුරාදා සහභාගිවීමට නියමිතය.

තරගාවලියේ මුලික වටයේදී ශ්‍රී ලංකාව ‘සී’ කාණ්ඩයෙන් තරග වදින අතර එහිදී කසකස්තානය හා ඕස්ටේ්‍රලියාවට එරෙහිවද තවත් තරග දෙකකට ශ්‍රී ලංකාව සහභාගි වේ.

සුපිරි අවසන් වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව අවම මුලික වටයේ තරග දෙකක් ජයගත යුතුව ඇත. මුලික වටයේ ‘ඒ’ ‘බී’ සහ ‘ඩී’ යන කාන්ඩ දෙකෙන් එකකට රටවල් තුනක් බැගින් සහභාගි වුවත් ශ්‍රී ලංකාව තරග වදින ‘සී’ කාණ්ඩයට පමණක් රටවල් හතරක් ඇතුළත්ව තිබීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීප’යට පැවසුවේ ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී අවම සුපිරි අට වටයට පිවිසීමට අපේක්‍ෂාවෙන් පසුවන බවයි. ඒ සඳහා නිර්දේශ කළ පුහුණු සංචිතය මාස තුනකට ආසන්න කාලයක් පවත්වා ගෙන යාමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගත් බවත් ඔහු එහිදී පැවසීය.

ගුවන් හමුදා වොලිබෝල් (කාන්තා) කණ්ඩායමේ ක්‍රීඩිකාවන් බහුතරයකගෙන් සමන්විත වයස 23න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තායිලන්ත තරග සංචාර සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ද අනුග්‍රහය ලැබුණු බව ඔහු පැවසීය. වසරේ මුල් භාගය ගෙවීයාමටත් පෙර ශ්‍රී ලංකා වොලිබෝල්  සම්මේලනය මේ වනවිට අන්තර් ජාතික වොලිබෝල් තරග මාලා තුනකට සහභාගිවීමට සමත්ව සිටියි.

මෙම වසරේදී අන්තර්ජාතික තරග මාලා පහකට සහභාගිවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සුදානමින් සිටියි.

 ආසියානු වයස 23න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වදින ආකාරය.

  • මැයි 13 :- චින-තායිපේට එරෙහිව
  • මැයි 14 :- කසක්සථානයට එරෙහිව
  • මැයි 15 :- ඕස්ට්‍රේලියාවට එරෙහිව
  • මැයි 16 -17 :- අවසන් වටයට සුදුසුකම් ලැබීමේ තරග වටය.
  • මැයි 19 :- පෙර අර්ධ අවසන් පුර්ව වටය
  • මැයි 20 :-අවසන් පුර්ව තරග
  • මැයි 21 :- අවසන් මහ තරගය

 

23න් පහළ කාන්තා වොලිබෝල් කණ්ඩායම


අදහස් (0)

23 න් පහළ කාන්තා තරගාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.