Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් පුහුණුකරු නිරෝධායනයේ

වොලිබෝල් පුහුණුකරු නිරෝධායනයේ

editorial - 2021 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික වෙරළ (බීච්) වොලිබෝල් සංචිතයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂඥ පුහුණුවක් ලබාදීමේ අරමුණින් කැඳවන ලද පින්ලන්ත ජාතික වෙරළ වොලිබෝල් උපදේශක ඔයිලන්ඩ් රම්ඩෝ මහතා දැන් දිවයිනට පැමිණ සිටියි.

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ පිළිගත් පළමු ශ්‍රේණියේ ජාත්‍යන්තර වෙරළ වොලිබෝල් උපදේශකවරයකු වන රම්ඩෝ මහතා,  මේ වන විට නිරෝධායන ක්‍රියාවලියට යොමුව සිටියි.

ඔහු මාස දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ නේවාසිකව ගත කරන අතර එම කාලය තුළදී  වෙරළ වොලිබෝල් පුහුණු පාඨමාලා කිහිපයක් මෙහෙයවීමටද නියමිතය.
ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ අනුග්‍රහය ලැබී තිබේ.

- 223

 


අදහස් (0)

වොලිබෝල් පුහුණුකරු නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.