Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball රූපවාහිනී වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි

රූපවාහිනී වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි

editorial - 2021 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-----------------------------------
ගම්පහ තිලකරත්න දිසානායක
-----------------------------------

ජාතික තරුණ සේවා සභාව විසින් 34 වැනි වරටත් සංවිධානය කරනු ලබන රූපවාහිනී අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියේ දිස්ත්‍රික් අතර මූලික තරග අද ආරම්භ විය. මෙහි ගම්පහ දිස්ත්‍රික් තරග ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේදී අද පැවැත්විණි.  දිස්ත්‍රික් තරගාවලියේ මූලික තරග අද සහ හෙට (23 සහ 24) පැවැත්වේ.

කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් කණ්ඩායම් දෙකක් ඇතුලුව කාන්තා , පිරිමි කණ්ඩායම් 52 ක් තරග වදින මෙම තරගාවලියේ අවසන් තරඟය මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) අනිල් සිරිවර්ධන මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් තරගාවලියේ සමාරම්භක උත්සවයට රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා , පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන, ගම්පහ පුරපති එරංග සේනානායක , තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ, එහි බස්නාහිර පළාත් අධ්‍යක්ෂ එන්. රාජපක්ෂ , ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මේනක බාලසූරිය, සහකාර අධ්‍යක්ෂිකා (ක්‍රීඩා) කුමුදුනී රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප :- තරගාවලියේ කාන්තා හා පිරිමි කණ්ඩායම් අතර තරග අවස්ථාවන්.)

 


අදහස් (0)

රූපවාහිනී වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.