Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball පාසල් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික තරග

පාසල් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික තරග

නාමල් පතිරගේ - 2020 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් (ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස්) වොලිබෝල් තරගමාලාවේ දී පෞද්ගලිකව දක්ෂතා දියුණු කරගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාතික පාසල් වොලිබෝල් තරගාවලි දෙකකට සහභාගිවීමේ අවස්ථාව මෙම වසර තුළ දී උදාවන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපතිවරයෙකු වන සී. රත්නමුදලි මහතා පැවැසුවේ බහරේන් රාජ්‍යයේ දී ලබන ජුනි මාසයේ දී පැවැත්වෙන ආසියානු සම්මේලන වයස 18න් පහළ තරග මාලාව සඳහා ශ්‍රී ලංකාවෙන් බාලක කණ්ඩායමක් සහභාගි කරවන බවයි.

මෙම වසරේ ජුලි මාසයේදී ශ්‍රී ලංකාව සත්කාරය දරන අන්තර්ජාතික පාසල් වයස 18න් පහළ (බාලක - බාලිකා) වොලිබෝල් තරගමාලාව සඳහාද ශ්‍රී ලංකාවෙන් බාලක හා බාලිකා කණ්ඩායම් දෙකක් සහභාගි කරන බව රත්නමුදලි මහතා වැඩිදුරටත් එහිදී පැවැසීය. මෙම තරගමාලාව ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණයෙන් සංවිධානය කෙරේ. බහරේන් (බාලක) තරගාවලිය ඊට පෙරහුරුවක් ලෙස යොදා ගැනේ.

ඩී.එස්.අයි. තරගාවලියෙන් හඳුනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු පමණ මේ වනවිට ජාතික වොලිබෝල් සංචිත නියෝජනය කරන බවත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි
 


අදහස් (0)

පාසල් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික තරග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.