Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ගැලැක්සි වොලිබෝල් තරගාවලිය අද ඇරඹෙයි

ගැලැක්සි වොලිබෝල් තරගාවලිය අද ඇරඹෙයි

නාමල් පතිරගේ - 2021 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල ප්‍රදානය කෙරෙන ‘ගැලැක්සි’ වොලිබෝල් ලීග් (වයස 25න් පහළ) තරගාවලිය අද (16) ගාල්ල දඩල්ල වොලිබෝල් පියස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. අද ආරම්භ වන තරගාවලියේ මූලික වටය මෙම 22 වැනිදා දක්වා එහිදී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් අටක් හා කාන්තා කණ්ඩායම් 10ක් සහභාගිවීමට නියමිතය. අද පෙරවරු 9.00 ට තරගාවලියේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

කාන්තා තරගාවලියේ මූලික වටය කැෂුවලයින් කණ්ඩායම හා යුද හමුදා කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ කෙරේ. පළමුව කාන්තා තරගාවලියේ මූලික වටය පවත්වා අවසන් කරන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

වයස 25න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම් තරග වදින මෙම වොලිබෝල් තරගාවලියේ කාන්තා හා පිරිමි තරග ජයග්‍රාහී කණ්ඩායම් දෙක සඳහාම රුපියල් මිලියනයක් බැගින් ත්‍යාග මුදල් ප්‍රදානය කෙරේ.  අනුශූරතා හා තෙවැනි ස්ථාන ලබන කණ්ඩායම් සඳහා ද රුපියල් ලක්ෂ පහක් හා රුපියල් ලක්ෂ දෙකක් බැගින් මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.

චීන සමාගමක් වන ‘බොෂෑන්ග් ලංකා’ ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින් පෞද්ගලික ආයතනයේ අනුග්‍රහයෙන් පළමු වරට තරගාවලිය සංවිධානය කෙරේ.

අවසන් පූර්ව තරග මෙම 26-27 දෙදින ද අවසන් මහ තරගය අප්‍රේල් 10 වැනිද‌ා ද මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 


අදහස් (0)

ගැලැක්සි වොලිබෝල් තරගාවලිය අද ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.