Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball කී‍්‍රඩා අමාත්‍යංශයේ කටයුතු සොයන්න කමිටුවක්

කී‍්‍රඩා අමාත්‍යංශයේ කටයුතු සොයන්න කමිටුවක්

ශනුක අරවින්ද - 2015 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පසුගිය කාලයේදී සොරකම්, ¥ෂණ, අක‍්‍රමිකතා සිදුවී තිබේදැයි සොයා බැලීම සඳහා ඉදිරියේදී විමර්ශන කමිටුවක් පත්කර මාසයක කාලයක් තුලදී වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව ක‍්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා පවසයි. 

රීඞ් මාවත ක‍්‍රීඩා අමාත්‍යාංශ කාර්යාලයේදී ක‍්‍රීඩා ඇමැතිධුරයේ වැඩ බාර ගනිමින් ඇමැතිවරයා එසේ පැවසීය.

ක‍්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාද ඊට සමගාමීව රීඞ් මාවත ක‍්‍රීඩා අමාත්‍යාංශ කාර්යාලයේදී ඊයේ වැඩ බාර ගත්තේය. 

එම  ඇමැතිවරයා ඊයේ වැඩ බාර ගැනීමෙන් පසු ක‍්‍රීඩා අමාත්‍යාංශ ශ‍්‍රවනාගාරයේදී අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය ඇමතීමේ උත්සවයකට සහභාගි වූහ.

එම අවස්ථාවට ක‍්‍රීඩා හා සංචාරක අමාත්‍යංශයේ සේවක සේවිකාවෝ සහ නිලධාරීහු විශාල පිරිසක් ද ජාතික ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීහු රැසක්ද සහභාගි වී සිටියහ. 

ක‍්‍රීඩා ඇමැතිවරයා ලෙස පත්වූ නවින් දිසානායක මහතා හිටපු ඇමැතිවරයකු මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වූ ගාමිණි දිසානායක මහතාගේ පුතෙකි. නීතිඥවරයකුද වන ඔහු 1995 දී පාර්ලිමේන්තු  මන්ත‍්‍රීවරයකු ලෙස තේරී පත්වූ අතර මීට පෙර වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ධුරයේත් ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති ධුරයෙත්, රාජ්‍ය කළමනාකරණ හා ප‍්‍රතිසංස්කරණ ඇමැති ධුරයේත් කටයුතු  කර තිබේ. 

ක‍්‍රීඩා ඇමැති ධුරයේ රාජකාරී අරඹමින් දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පත්වීම් වලට කිසිදු ආකාරයකින් ඇඟිලි නොගහන තමා එම පත් කිරීම් නිලවරණ ක‍්‍රමවේදයෙන්ම පමණක් සිදු කිරීමට වගබලා ගන්න බවය. 

”ක‍්‍රිකට් විධායක කමිටුවේ නිලධාරීන්ට මම දැඩිව කියනවා තමුන්ට අයිති රාජකාරිය පමණක් කරන්න සූදනම් වෙන්න කියලා. වෙනත් අයගේ වැඩවලට ඇඟිලි ගහන්න ඒ අය සූදානම් වුණොත් මම දෙවැනි පියවරට යනවා” යැයි ක‍්‍රීඩා ඇමැතිවරයා පැවසීය.

”මට දැන් පැවරී තිබෙන්නෙ ආන්දෝලනාත්මක අමාත්‍යාංශයක්. දැන් තව කතා යනවා පසුගිය කාලයේ ඒකෙත් ¥ෂණ හා අක‍්‍රමිකතා සිදුවුණා කියලා. ඒ ගැන අපි ඇඟිලි දික්කර කර ඉන්නවාට වඩා එහෙම දෙයක් සිද්ධ වුණාද කියලා සොයා බලන එකයි අපේ යුතුකම”

”ඒ අනුව අපි ලබන සතියෙ ඒ ගැන සොයන්න කමිටුවක් පත් කරනවා. එතනදී මාසයක් ඇතුළතදී විමර්ශන වාර්තාවක් ලබා ගන්න අප කටයුතු කරනවා” යයිද කී‍්‍රඩා ඇමැතිවරයා පැවසීය.

උත්සව සභාව අමතමින් ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පෞද්ගලික න්‍යාය පත‍්‍රවලට වැඩ කිරීමට වඩා නිලධාරීන්ට කිසිදු ඉඩක් නොදෙන බවය. එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය. 

”වෘත්තීය දක්ෂතා වලට මා නිසි තැන දෙනවා. ඉන් එහාට මගේ වෙන දැක්මක් නෑ. 

ඒ නිසා මා නිලධාරීන්ට කියන්නෙ පුද්ගලික න්‍යාය පත‍්‍රවලට වැඩ කරන්න ගිහින් මාව දෙවැනි පියවරට තල්ලූ කරන්න එපා කියලයි” 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය දැරූ සිය පියාණන් වනගාමිණි දිසානායක මහතා සිහිපත් කරමින් තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා පැවසුවේ නව වසරේ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ මුල් අපේක්ෂාව එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය ජය ගැනීම බවය.

පසුගිය කාලයේ ක‍්‍රිකට්, රගර් වාගේ ක‍්‍රීඩා කීපයකට පමණක් විශාල ලෙස සම්පත් ඇදීගිය බවත් පෙණුනා. නමුත් මලල ක‍්‍රීඩා, පාපන්දු වගේ තවත් ක‍්‍රීඩා කීපයක් නංවන්නත්  ඉදිරියේදී අප සැලසුම් කරනවා. ඒ වගේම පසුගිය කාලයේ ලක්බිමේ  අහිමිවු කීර්තිය ක‍්‍රීඩාව තුළින් එකමුතුව දිනා ගැනීම සඳහා අපත් සමග අත්වැල් බැඳ ගන්නා ලෙස රටේ සමස්ත ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයෙන් ඉල්ලා සිටිනවා” යයිද ඇමැතිවරයා උත්සව සභාව අමතමින් පැවසීය.

මෙම අවස්ථාවට සහභාගි වූ ක‍්‍රීඩක හා සංචාරක නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසුවේ පසුගිය කාලයේ ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් කරන ලද වියදම් විගණනය කිරීමට පියවර ගන්නා බවය. රටේ ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ ඉදිරි දියුණුව සඳහා තමා ඇමැති නවීන් දිසානායක මහතාට උපරිම සහයෝගය  ලබාදෙන බවත්  වසන්ත සේනානායක මහතා එහිදී පැවසීය.


අදහස් (0)

කී‍්‍රඩා අමාත්‍යංශයේ කටයුතු සොයන්න කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.