Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ලෝක හමුදා වෙරළ වොලිබෝල් අවසන් වටයට ශ්‍රී ලංකාව

ලෝක හමුදා වෙරළ වොලිබෝල් අවසන් වටයට ශ්‍රී ලංකාව

editorial - 2019 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

චීනයේදී දැන් පැවැත්වෙන හත් වැනි ලෝක හමුදා ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් (පිරිමි) තරගාවලියේ අවසන් වටයට ශ්‍රී ලංකා (පිරිමි) කණ්ඩායම් දෙකම සුදුසුකම් ලබා සිටියි.

පසුගිය බ්‍රහස්ප්‍රතින්දා (17) ආරම්භ වූ හත්වැනි ලෝක හමුදා ක්‍රීඩා උළෙල රටවල් 141 කගේ සහභාගීත්වයෙන් චීනයේ ෂැංහයි නුවරදි මෙම 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ජර්මනිය, ස්විට්සර්ලන්තය, නේපාලය යන ප්‍රබල කණ්ඩායම් පරාජය කරමින් ශ්‍රී ලංකා හමුදා වෙරළ වොලිබෝල් (පිරිමි) කණ්ඩායම් අවසන් වටයට ප්‍රවේශ වී සිටියි. ටිරෝන් ඉන්දික, චමිද ගයාන්, අසංක ප්‍රදීප් කුමාර හා මලිත්ත යාපා ශ්‍රී ලංකා හමුදා වෙරළ වොලිබෝල් (පිරිමි) කණ්ඩායම් නියෝජනය කරති. අවසන් වටයේ තරග ඊයේ සහ පෙරේදා (22 සහ 23) ඉරානය හා බ්‍රසීලයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබුණි.

සාගරිකා ගුණසිංහ හා කසුරි තාරුකා යන ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා හමුදා වෙරළ වොලිබෝල් (කාන්තා) කණ්ඩායමක්ද ලෝක හමුදා ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටියි. මෙම ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකරු හා කළමනාකරු ලෙස බි්‍රගේඩියර් මහේෂ් අබේසිංහ මහතා කටයුතු කරයි.

- 223


අදහස් (1)

ලෝක හමුදා වෙරළ වොලිබෝල් අවසන් වටයට ශ්‍රී ලංකාව
  • ගයාන් Friday, 25 October 2019 10:14 AM

    හමුදා වෙරළ වොලිබෝල් කණ්ඩායමට සුබ පැතුම්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.