Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball පාසල් වොලිබෝල් තරග 25-26

පාසල් වොලිබෝල් තරග 25-26

නාමල් පතිරගේ - 2019 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩී. එස්. අයි. සුපර් ස්පෝට්ස්’ වොලිබෝල් තරග මාලාවේ අවසන් මහා තරග 10 ක් මේ මස 25 සහ 26 දෙදින මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. වයස් කාණ්ඩ 5 කින් බාලක සහ බාලිකා වශයෙන් මෙම තරගාවලිය පැවැත්වේ.

වයස 11 පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ හා 19 න් පහළ පරිදි බාලක හා බාලිකා ඉසව්හි අවසන් මහ තරග 25 සහ26 වැනිදා පැවැත්වේ. වසරේ පැවැත්වෙන ප්‍රධානතම පාසල් වොලිබෝල් තරග මාලාව සඳහා මෙවර සහභාගී වූ කණ්ඩායම් ගණන 4800 කි. ඉන් කණ්ඩායම් 650 ක් තරග මාලාවේ අවසන් වටය සඳහා වයස් කාණ්ඩ පහෙන්ම තේරුණි.

තරගාවලියට අනුග්‍රහය දක්වන ඩී.එස්.අයි. පාවහන් සමාගම ශූරතා, අනුශූරතා හා තෙවැනි ස්ථාන ලබන කණ්ඩායම් සඳහා රුපියල් ලක්‍ෂයේ සිට ත්‍යාග මුදල් ප්‍රදානය කරයි.

මෙම 26 වැනිදා පස්වරු 3.00 ට  පැවැත්වෙන ජයසංකේත පිරිනැමීම අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස අනුග්‍රාහක ඩී. සැම්සන් සහ පුත්‍රයෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ තුසිත නානායක්කාර හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය යන මහත්වරු සහභාගී වෙති.
 
මෙවර අවසන් මහ තරග සඳහා උහන තිස්සපුර මහ විදුහල බාලිකා අවසන් මහ තරග හතරකට සුදුසුකම් ලැබීමට සමත්ව සිටියි. නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහ විදුහල අවසන් තරග තුනකට ප්‍රවේශවී සිටී. හුංගම ජාතික පාසල හා රුවන්වැල්ල රාජසිංහ මැදි මහ විදුහල අවසන් මහ තරග දෙක බැගින් කණ්ඩායම් ඉදිරිපත් කරමින් දක්‍ෂතා පළ කිරීමට මෙවර තරග මාලාවේදී සමත්ව සිටියි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ සහයෝගයෙන් තරග මාලාව සංවිධානය කරයි.

 


අදහස් (0)

පාසල් වොලිබෝල් තරග 25-26

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.