Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ඩී.එස්.අයි. ‘සුපර් ස්පෝට්ස්’ වොලිබෝල් තරගාවලිය අවලංගුයි

ඩී.එස්.අයි. ‘සුපර් ස්පෝට්ස්’ වොලිබෝල් තරගාවලිය අවලංගුයි

නාමල් පතිරගේ - 2020 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය නොලැබෙන තත්ත්වයක් තුළ  මෙම වසරට (2020) පැවැත්වීමට සුදානම් කර තිබූ අන්තර් පාසල් ඩී.එස්.අයි. ‘සුපර් ස්පෝට්ස්’ වොලිබෝල් තරග මාලාව අවලංගු කිරීමට තීරණය වී තිබේ. ‘කොරෝනා වසංගත තත්ත්වය පහව යන තෙක් සියළු පාසල් ක්‍රීඩා උත්සව තරග අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාසල් වොලිබෝල් තරග මාලාව වන එහි මෙවර මුලික වටයේ තරග පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වාත් දෙවැනි (ජාතික) තරග වටය අප්‍රේල් 27 වැනිදා සිට මැයි 7 වැනිදා දක්වාත්, අවසන් මහ තරග මැයි 24, 25 යන දිනවලදීත් පැවැත්වීමට සැළසුම් කර තිබුණි.

තරග සංවිධායකයන් ප්‍රකාශ කර සිටියේ  20 වැනි වරටත් පැවැත්වෙන මෙම තරග මාලාව   සඳහා කණ්ඩායම් 5000ක් පමණ අපේක්ෂා  කරන බවයි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය,  ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් මෙම තරග මාලාව වාර්ෂිකව  සංවිධානය කරයි. තරගාවලියට අනුග්‍රහය ‘ඩී.එස්.අයි’  පාවහන් සමාගම වෙතිනි.

මෙම පාසල් වොලිබෝල් තරග මාලාව වයස් කණ්ඩ පහකින් සමන්විත බාලක හා බාලිකා ඉසව් 10කින් සමන්විතය.

 


අදහස් (0)

ඩී.එස්.අයි. ‘සුපර් ස්පෝට්ස්’ වොලිබෝල් තරගාවලිය අවලංගුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.