Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ටිරෝන් - ජයාන් ජාතික ශූරතාව දිනති

ටිරෝන් - ජයාන් ජාතික ශූරතාව දිනති

editorial - 2019 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉන්දික ටිරෝන් සහ ජයාන් සනූජ එක්ව ගුවන් හමුදාවේ අසංක ප්‍රදීප් කුමාර සහ අශේන් රශ්මික යන දෙදෙනා පරාජය කරමින් වෙරළ වොලිබෝල් ජාතික ශූරතාව දිනාගත්හ. මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැති අවසන් මහ තරගයේදී ලකුණු තත්ත්වය සටහන් වූයේ 23/21 සහ 27/25 වශයෙනි.

කාන්තා අවසන් තරගයේදී ගුවන් හමුදාවේ දිනේෂා ප්‍රසාදිනී සහ නිරෝෂා ලක්මිණී එක්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේම ආශා නිල්මිණී සහ ඩබ්ලිව්.පී තුෂාරී දෙදෙනා පරාජය කරමින් ජාතික කාන්තා ශූරතාව දිනාගත්හ. එහි ලකුණු තත්ත්වය සටහන් වූයේ 21/1 ක් සහ 21/18 ක් වශයෙනි.

මෙම තරගාවලියේ තවත් විශේෂත්වයක් වූයේ වයස අවුරුදු 20 න් පහළ ශූරතාවය දිනාගත් මැදවච්චිය ජාතික පාසලේ  ක්‍රීඩකයින් වෙරළ වොලිබෝල් ක්‍රීඩාවට සහභාගි වූ ප්‍රථම අවස්ථාව මෙය වීමය.

මෙවර ජාතික තරගාවලියේ කැපී පෙනෙන සිදුවීමක් වූයේ තරගාවලියට සමගාමීව රන් රිදී පදක්කම්ලාභින් (කාන්තා, පිරිමි) වෙනුවෙන් උපහාර උලෙලක්ද පැවැත්වීමයි.

‘සන්ක්වික්’ සමාගමේ අනුග්‍රහයෙන් පැවැති වෙරළ වොලිබෝල් ජාතික ශූරතාවලිය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය සහ සන්ක්වික් සමාගමේ අධ්‍යක්ෂ මංගල පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සති අන්තයේදී මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්විණ.

අවුරුදු 20 න් පහළ, 25 න් පහළ සහ විවෘත යන කාණ්ඩ 3 න් පිරිමි සහ කාන්තා අංශවලින් කණ්ඩායම් 186 ක සහභාගිත්වයෙන් තරගාවලිය පවත්වන ලදි.


අවසන් තරග ප්‍රතිඵල

විවෘත පිරිමි
■ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ගූවන් හමුදා කණ්ඩායම පරාජය කරන ලදි.  (23/21) (27/25).
■ ඉන්දික ටිරෝන් සහ ජයාන් සනූජ ජයග්‍රාහී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කළහ. අසංක ප්‍රදීප් කුමාර සහ අශේන් රශ්මික යන දෙදෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කළහ.


විවෘත කාන්තා
■ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒ කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා බී කණ්ඩායම පරාජය කරන ලදි. (21/1) (21/18)
■ දිනේෂා ප්‍රසාදිනී සහ නිරෝෂා ලක්මිණී ජයග්‍රාහී ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒ කණ්ඩායම නියෝජනය කළහ. ආශා නිල්මිණී සහ ඩබ්ලිව්.පී තුෂාරී යන දෙදෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදා බී කණ්ඩායම නියෝජනය කළහ.

අවුරුදු 25 න් පහළ (පිරිමි)
■ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරන ලදි. (21/13) (17/23) (17/15)
■ චිමික ප්‍රනාන්දු සහ ඉසුරු මධුෂාන් විසින් ජයග්‍රාහි ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කළහ. දිලීප චාමික සහ මලිත් සිල්වා යන දෙදෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කළහ.

අවුරුදු 25 න් පහළ (කාන්තා)
■ මාස් කැෂුවලයින් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරාජය කරන ලදි. (23/21) (18/21) (10/15)
■ දීපිකා බණ්ඩාර සහ සුලෝචනා ජයවර්ධන ජයග්‍රාහී මාස් කැෂුවලයින් කණ්ඩායම නියෝජනය කළහ. ෂෙහානි අසන්ගා සහ කසුනි තාරකා යන දෙදෙනා ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළහ.

අවුරුදු 20 න් පහළ පිරිමි
■ මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසල් කණ්ඩායම විසින් හුංගම විජයබා ජාතික පාසල් කණ්ඩායම පරාජය කරන ලදි. (21/16)  (21/19)
■ ශ්‍රීනාත් චානක සහ හර්ෂ සඳුන් ජයග්‍රාහී මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසල් කණ්ඩායම නියෝජනය කළහ. ජී.ඒ සඳරුවන් සහ නිශාන් රාජන් දෙදෙනා හුංගම විජයබා ජාතික පාසල් කණ්ඩායම නියෝජනය කළහ.

අවුරුදු 20 න් පහළ කාන්තා
■ හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය විසින් හුංගම ජාතික පාසල් කණ්ඩායම පරාජය කරන ලදි. (21/9) (21/15)
■ දිලුක්ෂි හර්ෂනී සහ රශ්මි දිව්‍යාංජලී ජයග්‍රාහී හයිඩ්‍රාමනි කණ්ඩායම නියෝජනය කළහ. ජයනි ලක්ෂිනී සහ සුරේකා දිල්හානි දෙදෙනා හුංගම ජාතික පාසල් පිල නියෝජනය කළහ.

....


අදහස් (0)

ටිරෝන් - ජයාන් ජාතික ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.