Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ගැලැක්සි කුසලාන වොලිබෝල් තරඟාවලිය මාර්තුවේදී

ගැලැක්සි කුසලාන වොලිබෝල් තරඟාවලිය මාර්තුවේදී

editorial - 2021 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය චීන සමාගමක් සමග එක්ව වයස අවුරුදු 25 න් පහළ වොලිබෝල් තරගාවලියක් සංවිධානය කරයි. මෙම තරගාවලිය සංවිධානය කිරීමේ අවබෝධතා ගිවිසුමකට ඊයේ (20 වැනිදා) කොළඹ දී අත්සන් තබන ලදි.

කාන්තා සහ පිරිමි යන අංශ දෙකින්ම පැවැත්වෙන මෙම තරගාවලිය මාර්තු මස ආරම්භවීමට නියමිතය. ඒ සඳහා තවමත් දින යොදාගෙන නැතත් තරගාවලිය නියත වශයෙන්ම මාර්තුවේදී පැවැත්වෙන බව සංචිධායකයෝ කියති.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක මහතාද, අනුග්‍රාහක ආයතනය වෙනුවෙන් එහි සභාපති ෆූ ෂොන්ගියු මහතාද ගිවිසුමට අත්සන් කළහ. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ගිවිසුම හුවමාරු කර ගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක, රංජිත් සිඹලාපිටිය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති කංචන ජයරත්න, අනුග්‍රාහක ආයතනයේ සාමාන්‍යාධිකාරී යැන්ග් ජින් සහ එහි කළමණාකරු ෆූ චෙන් යන මහත්වරුද සහභාගි වූහ.

 


අදහස් (0)

ගැලැක්සි කුසලාන වොලිබෝල් තරඟාවලිය මාර්තුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.