Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ක්‍රීඩා අමාත්‍යංශයේ මුදල් කපා දමයි

ක්‍රීඩා අමාත්‍යංශයේ මුදල් කපා දමයි

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින දේශපාලන අර්බුදයත් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ මුදල් කපා හැරීම නිසා ක්‍රීඩා අමාත්‍යංශයේ කටයුතුවලට දැඩි බාධාවක් ඇති වී බව අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පිළිබඳව කළ විමසුමේදී ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියා පැවසුවේ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය අනුව නිලවරණය පිළිබඳව නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි.


“ක්‍රීඩා ඇමතිවරයා ඉන්නවා. නමුත් ඇමතිවරයාගේ මුදල් කපලා තියෙන්නේ. ඒ නිසා කිසිම වැඩක් කරන්න බැරුව ඉන්නේ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. 


මෙම තත්ත්වය හමුවේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති රැසක් අත්හිටුවීමට සිදුවී ඇති බවද වාර්තා වේ. 2019 වසරේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් පිහිටුවූ ක්‍රීඩා සංචිත ද මේ වන විට අත්හිටුවා ඇති බව වාර්තා වේ.  

 


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යංශයේ මුදල් කපා දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.