Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ආසියානු කනිෂ්ඨ තරගාවලියට යති

ආසියානු කනිෂ්ඨ තරගාවලියට යති

editorial - 2019 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තෙවැනි ආසියානු කනිෂ්ඨ (වයස 23න් පහළ) වොලිබෝල් කාන්තා ශූරතා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (10) වියට්නාමය බලා පිටත්ව යයි. රටවල් 14ක් සහභාගීවන මෙම තරගාවලියේ මූලික වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා (13) හොංකොං රාජ්‍යය සමග පළමු තරගයට සහභාගී වෙයි.

එහිදී ශ්‍රී ලංකාව තරග වදින්නේ ‘ඩී’ කාණ්ඩයෙනි.

ඉරිදා (14) මැකාවෝ රාජ්‍යයට එරෙහිවද, සඳුදා (15) කසකස්තානයට එරෙහිවද ශ්‍රී ලංකාව තවත් තරග දෙකකට සහභාගී වේ. තරගාවලියේ සුපිරි අට  වටයට පිවිසීම ශ්‍රී ලංකාවේ අපේක්‍ෂාව බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

ජූලි 20 වැනිදා අවසන් පූර්ව තරගද, ජූලි 21 වැනිදා තෙවැනි ස්ථානය තේරීමේ තරගය හා අවසන් මහ තරගයද පැවැත්වේ.

කවීෂා ලක්‍ෂානි පෙරේරාගේ නායකත්වයෙන් යුත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට නිමේෂිකා සෙව්වන්දි ගුණවර්ධන (උප නායිකා), අෂාන්තිකා ගල්කොටුව, දිලුකි හර්ෂණී සේනාරත්න, නෙත්මී ඉන්ද්‍රචාපා බාලසූරිය,  කෝසලා සෙව්වන්දි, චමලී සන්ජුලා කරුණාරත්න, තාරකී නෙළුම් ප්‍රියදර්ශනී, රිෂී නේත්‍රා බාලසූරිය, ෂෙහානි අසංගා, ෂශිකලා රවින්දි තිලකරත්න හා සචිනි සිල්වා ඇතුළත් වෙති.

එහි ප්‍රධාන පුහුණුකරු ලෙස සිසිර කුමාර වෙන්ඩකෝන් මහතා කටයුතු කරයි. පුහුණුකරුවන් ලෙස රංගිකා මහවත්ත හා ජගත් සංජය දෙදෙනාද, අභ්‍යාසක  ලෙස ජගත් සේනාධීර මහතා සහ කළමනාකරු ලෙස ධනපාල ජයපත්ම මහතාද කටයුතු කරති.

පසුගිය තරගාවලියේදී ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානය ලබා තිබේ.

ලබන අගෝස්තු 1 වැනිදා මියන්මාරයේදී ආරම්භ වන මෙහි පිරිමි තරගාවලියට ද ශ්‍රී ලංකාව කණ්ඩායමක් සහභාගී කිරීමට නියමිතය.


අදහස් (0)

ආසියානු කනිෂ්ඨ තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.