Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් අවසන් මහ තරග හෙට

වොලිබෝල් අවසන් මහ තරග හෙට

editorial - 2019 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන ජාතික වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග හෙට (28 වැනිදා) පෙරවරු 8.30 සිට ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ශූරයන්ට සහ ශූරියන්ට ‘මන්චි’ කුසලාන පිරිනැමේ.

තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ අවසන් මහ තරග රූපවාහිනියෙන් සජීවිව විකාශය කිරීමටද ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් මහ තරග පැවැත්වේ.

සුපර් ලීග් පිරිමි අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට එරෙහිව කටුනායක මාස් ලෙෂර්ලයින් කණ්ඩායම තරග වැදීමට නියමිත අතර සුපර් ලීග් කාන්තා අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව තරග වැදීමට නියමිතය.


තරග කාලසටහන
පෙරවරු 8.30 - ආධුනික කාන්තා තරගය
මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ කහතුඩුව හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය අතර

පෙරවරු 10.00 - ආධුනික පිරිමි තරගය
කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය සහ බියගම ඕෂන් ලංකා ආයතනය අතර

පස්වරු 1.00 - සුපර් ලීග් කාන්තා තරගය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර

පස්වරු 3.00 - සුපර් ලීග් පිරිමි තරගය
ශ්‍රී ලංකා යුද හමුදාව සහ කටුනායක මාස් ලෙෂර්ලයින් අතර

 

කටුනායක මාස් ලෙෂර්ලයින් කණ්ඩායම

 

යුද හමුදා කණ්ඩායම

 

නාවික හමුදා කාන්තා කණ්ඩායම

 

ගුවන් හමුදා කාන්තා කණ්ඩායම


-036

 


අදහස් (0)

වොලිබෝල් අවසන් මහ තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.