Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ විශේෂ වැඩසටහනක්

වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ විශේෂ වැඩසටහනක්

නාමල් පතිරගේ - 2021 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

වසරකට ආසන්න කාලයක් ක්‍රියාකාරකම් අත්හිටුවීමට සිදු වූ ජාතික කාන්තා හා පිරිමි වොලිබෝල් සංචිතයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් හෙට සහ අනිද්දා (9-10) ගාල්ල ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා තිබේ.

මෙහි ප්‍රධාන අරමුණ ජාතික වොලිබෝල් කාන්තා හා පිරිමි සංචිත දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් යළි පුහුණු කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ සඳහා ඔවුන් තුළ දිරිමත් හා ධනාත්මක මානසිකත්වයක් ඇති කිරීම බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ලංකාදීපයට පැවසීය.

එහිදී ගාල්ලේදී පැවැත්වෙන මෙම දිරිමත් කිරීමේ දෙදින ප්‍රවර්ධන වැඩසටහන් මාලාව සඳහා ජාතික සංචිත දෙකට අයත් ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් 28 දෙනා හැරෙන්නට සංචිතයේ පුහුණුකරුවන් හයදෙනා පමණක් සහභාගී කර ගැනීමට වොලිබෝල් සම්මේලනය වග බලා ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.  ඒ අනුව හෙට පෙරවරු 10 ට ජාතික (පිරිමි) සංචිතයේ ක්‍රීඩකයන් 14 දෙනා හා පුහුණුකරුවන් තිදෙනා සඳහාත් අනිද්දා පෙරවරු 10 ට ජාතික (කාන්තා) සංචිතයේ ක්‍රීඩිකාවන් 14 දෙනා සඳහාත් විශේෂාංග හා විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුළත්ව මෙම දිරිමත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට කටයුතු යොදා තිබේ.

වසර 2019 දෙසැම්බර් මාසයේදී නේපාලයේ පැවති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සහභාගීත්වයෙන් පසුව ශ්‍රී ලංකා ජාතික කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් දෙකටම  මේ දක්වා ජාත්‍යන්තර තරගයකට සහභාගි වීමේ අවස්ථාව හිමිවී නැත.

කොවිඩ් උවදුර හමුවේ දේශීය තරගද වසරකට ආසන්න කාලයක් පැවැත්විය නොහැකි විය.

 


අදහස් (0)

වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ විශේෂ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.