Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball සුනිල් විජේරත්න අභියෝග තරග 22-23 දිනවලදී

සුනිල් විජේරත්න අභියෝග තරග 22-23 දිනවලදී

Nisanka Sandeepani - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය සහ ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී එක්ව සංවිධානය කරන සුනිල් විජේරත්න අභියෝග ශූරතා කුසලාන වොලිබෝල් තරගාවලිය මේ මස 22 සහ 23 යන දිනවලදී සියනෑ තරු ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මෙම තරගාවලියේදී විවෘත සහ ආධුනික ලෙස කාණ්ඩ 2 ක් යටතේ තරග පැවැත්වෙන අතර විවෘත කාණ්ඩයේ ශූරයන්ට රුපියල් 75,000 ක මුදලක්ද, අනු ශූරයන්ට රුපියල් 50,000 ක මුදලක්ද ත්‍යාග පිරිනැමීමට සංවිධායකයෝ සූදානිමින් සිටිති. 

ආධුනික කාණ්ඩයේ ශුරයන්ට රුපියල් 50,000 ක් මුදලක් පිරිනැමෙන අතර එම කාණ්ඩයේ අනු ශූරයන්ට පිරිනැමීමට නියමිත මුදල රුපියල් 30,000 ක මුදලකි. ඊට අමරතව සහභාගිවන සෑම කණ්ඩායමකටම වොලිබෝලය බැගින් පිරිනැමීමටද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ. 

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි ක්‍රීඩකයන්ට පමණක් මෙම තරගාවලියට සහභාගි විය හැකිය. එහි ආධුනික අධුනික අවසන් මහ තරගය 23 වැනිදා පස්වරු 3.00 ට පැවැත්වෙන අතර විවෘත අවසන් මහ තරගය එදින පස්වරු 6.00 ට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ. 

තරගාවලියට සහභාගිවන කණ්ඩායම් මේ මස 22 වැනිදා පෙරවරු 9.00 ට පෙර ගම්පහ සියනෑ තරු ක්‍රීඩා පිටියට පැමිණය යුතුයි. තරගාවලිය පිළිබඳ වැඩිදුර විස්තර 071-4933112 යන දුරකතන අංකය ඔස්සේ ගම්පහ ක්‍රීඩා නිලධාරී සාලිය අබේසිංහ මහතා ඇමතීමෙන් දැනගත හැකිය. 

-036 


අදහස් (0)

සුනිල් විජේරත්න අභියෝග තරග 22-23 දිනවලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.