Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball අවසන් වටයේ තරග 1 - 2 දිනවල

අවසන් වටයේ තරග 1 - 2 දිනවල

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘මන්චි කුසලාන’ ජාතික වොලිබෝල් ශූරතා තරගමාලාවේ ආධුනික කාණ්ඩයේ අවසන් වටයේ තරග ලබන සෙනසුරාදා හා ඉරිදා  (1 සහ 2) රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහල් පිටියේදී පැවැත්වේ. දිස්ත්‍රික් හා කලාප 25ක් පුරා පැවති තරග මාලාවේ ආධුනික කාණ්ඩයේ මූලික වටයේදී  කාන්තා හා පිරිමි දිස්ත්‍රික් ශූරතා හා අනුශූරතා හිමිකර ගත් කණ්ඩායම් 100ක් මෙම අවසන් වටය සඳහා සහභාගි වෙයි.

ජාතික වොලිබෝල් තරග මාලාවේ අවසන් මහ තරග ලබන දෙසැම්බර් 16 වැනිදා පෙරවරු 9 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි. තරග මාලාවේ සුපිරි ලීග කාණ්ඩයේ අවසන් මහ තරගද එදිනම, එම ස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සුපිරි ලීග (පිරිමි) අවසන් මහ තරගය සඳහා විදුලිබල මණ්ඩල කණ්ඩායම හා වරාය අධිකාරි කණ්ඩායමද සුපිරි ලීග (කාන්තා) අවසන් මහ තරගය සඳහා යුද හමුදා කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම ද සුදුසුකම් ලබා සිටිති.

සිලෝන් බිස්කට් සමාගමේ පූර්ණ අනුග්‍රහය මෙවර ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියටත් ලැබී තිබෙන අතර අවසන් වටයේ තරගාවලියේ සමාරම්භක උත්සවය ලබන සෙනසුරාදා පෙරවරු 9ට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත්  සියඹලාපිටිය මහතාගේ සහ සිලෝන් බිස්කට් සමාගමේ ප්‍රධාන විධායක නලින් කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

 


අදහස් (0)

අවසන් වටයේ තරග 1 - 2 දිනවල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.