Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ඕෂන් ලංකා - හයිඩ්‍රාමනී ආධුනික ශූරතා දිනති

ඕෂන් ලංකා - හයිඩ්‍රාමනී ආධුනික ශූරතා දිනති

ශානුක අරවින්ද - 2019 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික වොලිබෝල් තරගාවලියේ ආධුනික අංශයේ (පිරිමි) ශූරතාව දිනාගැනීමට බියගම ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය සමත් විය. එහි ආධුනික අංශයේ කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ කහතුඩුව හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය විසිනි.

අවසන් මහ තරගයේදී කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව වට 3-1 ක ජයක් අත්කර ගනිමින් ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය ආධුනික පිරිමි ශූරතාවට හිමිකම් කීවේය.

ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ පළමු වටය නිමා වූයේ ලකුණු 31-29 ක් ලෙස ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජයට ජය අත්කර දෙමිනි. කෙසේ වුවත් දක්ෂ ලෙස යළිත් තරගයට අවතීරණ වූ ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය ලකුණු 25-22 ක්, 25-22 ක් සහ 27-25 ක් ලෙස දෙවැනි, තෙවැනි සහ සිවුවැනි වට ජයගනිමින් තරගයේ ජය තමන් සතුකර ගත්තේය.

ආධුනික පිරිමි කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඕෂන් ලංකා ක්‍රීඩා සමාජයේ ගයාන් මල්ලිකාරච්චි සම්මාන දිනාගත් අතර දක්ෂතම ප්‍රහාරකයා ලෙස ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජයේ ඩී.එල්.එල්.කේ. ලියනගේද, දක්ෂතම පන්දු සකසන්නා ලෙස ඕෂන් ලංකා ක්‍රීඩා සමාජයේ චතුරංග රාජපක්ෂද සම්මාන දිනාගත්හ.

හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය ආධුනික කාන්තා ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස මහඋස්වැව රත්නපාල ක්‍රීඩා සමාජය පරාජය කරමිනි. එම තරගයේ පළමු වටයේදී ලකුණු 25-14 ක පහසු ජයක් අත්කර ගැනීමට හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය සමත් විය.  

කෙසේ වුවත් ලකුණු 25-10 ක් ලෙස දෙවැනි වටය ජයගැනීමට රත්නපාල ක්‍රීඩා සමාජය සමත් වීමත් සමග තරගය සම තත්වයට පත් විය. කෙසේ වුවත් ලකුණු 25-20 ක් සහ 25-21 ක් ලෙස පිළිවෙලින් තෙවැනි සහ සිවුවැනි වට ජයගත් හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය වට 3-1 ක් ලෙස තරගයේ ජය තමන් වෙත නතුකර ගත්තේය.

ආධුනික කාන්තා කාණ්ඩයේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජයේ එස්.ජී.ඩී.එච්. සේනාරත්න සම්මාන දිනාගත් අතර දක්ෂතම ප්‍රහාරිකාව ලෙස රත්නපාල ක්‍රීඩා සමාජයේ ප්‍රීතිකා ප්‍රමෝදනීද, දක්ෂතම පන්දු සකසන්නිය ලෙස හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජයේ එම්.පී.එස්.පී. විජේසිංහද සම්මාන දිනාගත්හ.

සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග අද (28 වැනිදා) මහරගම ජාතික තරුණ සේවා සභාවේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ.

 


අදහස් (0)

ඕෂන් ලංකා - හයිඩ්‍රාමනී ආධුනික ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.