Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා මූලික වටයේ තරග මේ මස 6 වැනිදා සිට 9 වැනිදා දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රාහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ තරග සඳහා කාන්තා කණ්ඩායම් 6 ක් සුදුසුකම් ලබා සිටියි. මාස් කැෂුවලයින්, ජාතික තරුණ සේවා සභාව, ගුවන් හමුදාව, යුද හමුදාව, වරාය අධිකාරිය, නාවික හමුදාව එම කණ්ඩායම් 6 යි.
එහිදී ගුවන් හමුදාව, වරාය අධිකාරිය සහ නාවික හමුදාව ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර යුද හමුදාව, මාස් කැෂුවලයින් සහ ජාතික තරුණ සේවා සභාව ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම් සමගින් තරග වැදීමට සිදුවන අතර අවසනායේ කාණ්ඩ දෙකේ ශූරියන් සහ අනු ශූරියන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. මූලික වටයේදී පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 6 කි.
අවසන් පූර්ව වටයේ තරග 9 වැනිදා පෙරවරුවේදී පැවැත්වෙන අතර එම තරගවලදී පරාජයට පත්වන කණ්ඩායම් දෙක අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගයද එදිනම පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
අවසන් පූර්ව වටයේ තරගවලදී ජය ලබන කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම සියලුම තරග මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරග කාල සටහන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.