Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball කොළඹ වොලිබෝල් මුල් පුටුව බණ්ඩාරට

කොළඹ වොලිබෝල් මුල් පුටුව බණ්ඩාරට

editorial - 2020 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු උප සභාපතිවරයකු වන මහින්ද සෙනරත් බණ්ඩාර මහතා පත්විය. ඒ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති නිලවර්ණයේදීය.

වසර හයකට ආසන්න කාලයක් ක්‍රියාකාරී නොවූ කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමය ඊයේ නැවත ස්ථාපිත කිරීමේදී ප්‍රධාන ලේකම් ධුරයට පත්වූයේ හිටපු ජාතික වොලිබෝල් ක්‍රීඩිකාවක් වන චමිලා නදී හේරත් මහත්මියයි.

නව සභාපති මහින්ද සෙනරත් බණ්ඩාර මහතා, වොලිබෝල් සම්මේලනයේ කටයුතු කළ අවධියේ එහි තරගාවලි සඳහා අනුග්‍රාහකයන් සොයාදීමට පුරෝගාමීවූවෙකි.

නව පත්වීමෙන් පසු ඔහු පැවැසුවේ, සිය සංගමයේ මෙහෙයවීමෙන් ඉදිරියේදී අන්තර් දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලියක් සංවිධානය කරන බවයි. ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වොලිබෝල් පුහුණුකරුවන් සඳහා වැඩමුළුවක් නුදුරේදීම සංවිධානය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමය ක්‍රියාකාරීව පැවැති මීට පෙර අවස්ථාවේදී එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයෙකු ද වන ජීවන් කුමාරතුංග මහතායි. වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතාගේ ප්‍රධානත්වයෙන් නිලවරණය පැවැත්වුණි.

 

කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ නිතරගයෙන් පත්වූ නිලධාරි මණ්ඩලය (2020-21)

සභාපති - මහින්ද සෙනරත් බණ්ඩාර මහතා
ලේකම් - චමිලා නදී හේරත් මහත්මිය
භාණ්ඩාගාරික – කාවින්ද මහවෙදගේ මහතා
උප සභාපතිවරු - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක, එම්. රිසාල්, වජිර ගුණසේකර, ධම්මික වලිසුන්දර යන මහත්ම මහත්මීන්.
පුහුණුකරුවන් සම්බන්ධීකාරක – කාලිත වසන්තප්‍රිය මහතා
උප ලේකම් - සරත් කිත්සිරි මහතා
තරග හා ක්‍රීඩා පිටි ලේකම් - ඩී.එම්.ඩී. ජනරන්ජන මහතා
වෛද්‍ය කමිටු ප්‍රධානි - වෛද්‍ය තුෂාර මැටිවලගේ මහතා
නීති කමිටු ප්‍රධානි - නීතිඥ ප්‍රභාත් ඉන්දික මහතා
කාරක සභාව – මධුකා කිරිඇල්ල, සුමිත් ජයලාල්, පී.අයි. ජනක්, සුමිත් පෙරේරා, කමල් දාබරේ, චන්දිමා අකරවිට, තිලක් ජයවර්ධන, සරත් ජයසිංහ යන මහත්ම මහත්මීන්.

- 223


අදහස් (0)

කොළඹ වොලිබෝල් මුල් පුටුව බණ්ඩාරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.