Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ගුවන් - යුද හමුදා කණ්ඩායම් වෙරළ වොලිබෝල් ශූරතා දිනති

ගුවන් - යුද හමුදා කණ්ඩායම් වෙරළ වොලිබෝල් ශූරතා දිනති

ශානුක අරවින්ද - 2020 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ පිරිමි වෙරළ වොලිබෝල් ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවත්, කාන්තා වෙරළ වොලිබෝල් ශූරතාව දිනාගැනීමට යුද හමුදාවත් සමත් විය.

අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස යුද හමුදාව පරාජය කරමින් ගුවන් හමුදාව එහි පිරිමි වෙරළ වොලිබෝල් ශූරතාවට හිමිකම් කීවේය. යුද හමුදාව කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස ගුවන් හමුදාව පරාජය කරමිනි.

මේ අතර තරගාවලියේ පිරිමි වොලිබෝල් ශූරතාව දිනාගැනීමට යුද හමුදාවත්, කාන්තා වොලිබෝල් ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවත් සමත් විය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදාවේ එයර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ මහතා සහභාගි විය.

වෙරළ වොලිබෝල් තරග ප්‍රතිඵල (පිරිමි)
■ මූලික තරග
යුද හමුදාව විසින් වට 2-0 ක් ලෙස නාවික හමුදාව පරාජය කරන ලදි.
ගුවන් හමුදාව විසින් වට 2-0 ක් ලෙස නාවික හමුදාව පරාජය කරන ලදි.
■ අවසන් මහ තරගය
ගුවන් හමුදාව විසින් වට 2-1 ක් ලෙස යුද හමුදාව පරාජය කරන ලදි.

වෙරළ වොලිබෝල් තරග ප්‍රතිඵල (කාන්තා)
■ මූලික තරග
යුද හමුදාව විසින් වට 2-0 ක් ලෙස නාවික හමුදාව පරාජය කරන ලදි.
ගුවන් හමුදාව විසින් වට 2-1 ක් ලෙස නාවික හමුදාව පරාජය කරන ලදි.
■ අවසන් මහ තරගය
යුද හමුදාව විසින් වට 2-1 ක් ලෙස ගුවන් හමුදාව පරාජය කරන ලදි.

වොලිබෝල් තරග ප්‍රතිඵල (පිරිමි)
■ මූලික තරග
යුද හමුදාව විසින් වට 3-1 ක් ලෙස නාවික හමුදාව පරාජය කරන ලදි.
ගුවන් හමුදාව විසින් වට 3-1 ක් ලෙස නාවික හමුදාව පරාජය කරන ලදි.
■ අවසන් මහ තරගය
යුද හමුදාව විසින් වට 3-1 ක් ලෙස ගුවන් හමුදාව පරාජය කරන ලදි.

වොලිබෝල් තරග ප්‍රතිඵල (කාන්තා)
■ මූලික තරග
යුද හමුදාව විසින් වට 3-2 ක් ලෙස නාවික හමුදාව පරාජය කරන ලදි.
ගුවන් හමුදාව විසින් වට 3-2 ක් ලෙස නාවික හමුදාව පරාජය කරන ලදි.
■ අවසන් මහ තරගය
ගුවන් හමුදාව විසින් වට 2-1 ක් ලෙස යුද හමුදාව පරාජය කරන ලදි.

-036

 


අදහස් (0)

ගුවන් - යුද හමුදා කණ්ඩායම් වෙරළ වොලිබෝල් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.