Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග මේ මස 15 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහි විවෘත පිරිමි අවසන් මහ තරගයේදී ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සහ කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය තරග වදිති. විවෘත කාන්තා අවසන් මහ තරගයේදී කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජය සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය තරග වැදීමට නියමිතය.
රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය වයස 22 න් පහළ පිරිමි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින අතර මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය වයස 22 න් පහළ කාන්තා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටිති.
ඩයලොග් අසියාටා සමාගමේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා සහභාගි වීමට නියමිතය.
අවසන් මහ තරග කාලසටහන
වයස 22 න් පහළ (කාන්තා)
පෙරවරු 9.00 - මහඋස්වැව රත්නපාල ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය අතර
වයස 22 න් පහළ (පිරිමි)
පෙරවරු 11.00 - රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය අතර
විවෘත කාන්තා
පස්වරු 1.00 - කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජය සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය අතර
විවෘත පිරිමි
පස්වරු 3.00 - ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සහ කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය අතර
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.