Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ජනාධිපති රන් කුසලාන තරග අගෝස්තුවේදී

ජනාධිපති රන් කුසලාන තරග අගෝස්තුවේදී

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය අගෝස්තු මාසයෙදී ආරම්භ වීමට නියමිතය. අඛණ්ඩව 13 වැනි වරටත් පවත්වන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වොලිබෝල් තරගාවලියයි. පසුගිය වසරේ තරගාවලිය මෙන්ම මෙවරත් මාස 5 ක් පුරා පැවැත්වේ.
 
වයස අවුරුදු 22න් පහළ සහ විවෘත යන වයස් සීමා ඔස්සේ කාන්තා තරග සහ පිරිමි තරග පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ තරග ලේකම් ධනපාල ජයපත්ම මහතා පැවසීය.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය යනු දිස්ත්‍රික් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා පැවැත්වෙන්නකි.

පළමු අදියරේ තරග අගෝස්තු මස ආරම්භ කර දිවයිනේ සෑම දිස්ත්‍රීක්කයකම පැවැත්වෙන අතර සෑම දිස්ත්‍රීක්කයකින් ජයග්‍රහණය කරන කණ්ඩායම් හතර දෙවැනි වටයට  තෝරා ගනු ලැබේ.

ඉන් පසුව දිස්ත්‍රීක්ක 25න් කණ්ඩායම් 100 තෝරා ගෙන ජාතික මට්ටමේ තරග සඳහා යොමු කරනු ලැබේ. එම තරග 2018 නොවැම්බර් මස 02,03 සහ 04 යන දිනවල ගාල්ල නගරය කේන්ද්‍ර ගනිමින් පවත්වන අතර අවසන් මහ තරග 2018 දෙසැම්බර් මස 15 හා 16 දිනයන්හි මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයෙදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඩයලොග් ආසිආටා සමාගම ජනාධිපති රන් කුසලානය සදහා අනුග්‍රාහකත්වය සපයන අතර ඩයලොග් සමාගම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා රැසකටම අනුග්‍රහය දක්වයි.


- 092

 


අදහස් (0)

ජනාධිපති රන් කුසලාන තරග අගෝස්තුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.