Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව video වේග පන්දු යවන්නන්ගේ ප්‍රශ්නය තවමත් එතැනමයි - වාස්

වේග පන්දු යවන්නන්ගේ ප්‍රශ්නය තවමත් එතැනමයි - වාස්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් තරගයකදී පලමු කඩුල්ල වේග පන්දු යවන්නන් ගෙන් බලාපොරොත්තු වන බවත් ප්‍රශ්නය කොතෙක් කතා කළත් ප්‍රශ්නය තවමත් එතනම බවත් ක්‍රිකට් දියුනු කරන්න අවශ්‍යනම් වේග පන්දු යවන්නන් දියුනු කරන්න අවශ්‍යනම් ක්‍රිකට් ක්‍රීඩාව සාර්ථක කරන්න නම් වේග පන්දු යවන්නන්ට උචිත  ක්‍රිකට් තණ තීරු සාදා දුනහොත් මීට වඩා වේග පන්දු යවන්නන් ඉදිරියට එන බවත් ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන්ගේ  පුහුණුකරු චමින්ද වාස් මහතා පවසයි.

ලෝකයේ ඕනැම රටක වේග පන්දු යවන ක්‍රීඩකයෙකු සාර්ථක වන්නට තරග කිහිපයක් ක්‍රීඩා කළ යුතු බවත් ඉන් පසුව සාර්ථක වන බවත් විශ්ව (ප්‍රනාන්දු) හා ලහිරු (කුමාර) ගෙන් ඒ දේ එක වරම බලාපොරොත්තු වන්නට බැරි බවත් වැඩි වැඩියෙන් තරග වල ක්‍රීඩා කිරීමෙන් එය ඉහළ නංවා ගක හැකි බවත් වාස් මහතා පවසයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන ටෙස් තරගයේ  පළමු දින (12) අවසානයේ පැවැති මාධ්‍ය සාඛච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ වේග පන්දු පුහුනු කරු චමින්ද වාස් මහතා එසේ පැවසිය.


අදහස් (0)

වේග පන්දු යවන්නන්ගේ ප්‍රශ්නය තවමත් එතැනමයි - වාස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.