Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_19_cricket රිච්මන්ඞ් විද්‍යාලය අවසන් තරගයට

රිච්මන්ඞ් විද්‍යාලය අවසන් තරගයට

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය ඊයේ (1 වැනිදා) සමත්විය.

මූවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව ලකුණු 68 ක ජයක් ලබාගැනීමට රිච්මන්ඞ් විද්‍යාලය සමත්විය. 

පන්දුවෙන් දස්කම් දැක්වූ අම්ෂි ද සිල්වා කඩුලු 4 ක් සහ දිලුම් සුධීර කඩුලු 3 ක් දවාගනිමින් වේල්ස් කුමර විද්‍යාලය ලකුණු 140 කට සීමාකරමින් රිච්මන්ඞ් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

රිච්මන්ඞ් විද්‍යාලය - ඕවර 47.4 කදී සියලුදෙනා දැවී ලකුණු 208
(සඳුන් මෙන්ඩිස් 50, තවීෂ අභිෂේක් 34, දිමුත් සඳරුවන් 33, විමුද් සප්නක 29, දිලුම් සුධීර 26, ලක්ෂාන් පෙරේරා 42/3, කෞමාල් නානායක්කාර 31/2, කාවින්ද ද මෙල් 40/2)

වේල්ස් කුමර විද්‍යාලය - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 140
(පසිඳු පැතුම් 41, තරිඳු අමරසිංහ 24, අම්ෂි ද සිල්වා 27/4, දිලුම් සුධීර 23/3)


අදහස් (0)

රිච්මන්ඞ් විද්‍යාලය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.