Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket වේල්ස් කුමර විදුහලට කඩුලු 7 ක ජයක්

වේල්ස් කුමර විදුහලට කඩුලු 7 ක ජයක්

editorial - 2019 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ ගාල්ල විද්‍යාලෝක විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර හොරණ ශ්‍රීපාලි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ වේල්ස් කුමර විදුහලේ විනුජ රන්පුල් ලකුණු 18 කට කඩුලු 4 ක්ද, සසිඳු පැතුම් ලකුණ 21 කට කඩුලු 3 ක්ද දවාගනිමින් විද්‍යාලෝක ඉනිම සුනුවිසුණු කර දැමූහ.


විද්‍යාලෝක විදුහල - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 110
(එල්.ආර්. චාමික 27, විනුජ රන්පුල් 18/4, සසිඳු පැතුම් 21/3, අදිත හිමාෂ 14/2)

වේල්ස් කුමර විදුහල - ඕවර 17.1 කදී කඩුලු 3 ක් දැවී 113
(තරිඳු ගීමන්ත 39, ඔමේෂ් මෙන්ඩිස් 29)

-036

 


අදහස් (0)

වේල්ස් කුමර විදුහලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.