Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket පසිඳු - හිරංග - විදුෂාන් තක්ෂිලාව දිනවති

පසිඳු - හිරංග - විදුෂාන් තක්ෂිලාව දිනවති

editorial - 2019 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කැලණිය ගුරුකුල විදුහල සහ හොරණ තක්ෂිලා විදුහල අතර තක්ෂිලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට තක්ෂිලා විදුහල සමත් විය. 

එහිදී තක්ෂිලා විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට හිරංග ජයකොඩි (නොදැවී 65) සහ විදුෂාන් යසින්ත (නොදැවී 50) සමත් වූ අතර එම විදුහලේ පසිඳු තාරුක දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 42 කට කඩුලු 5 ක් දවාගත්තේය.  

ගුරුකුල විදුහල - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 143 
(සජිත් චමෝද් 69, පසිඳු තාරුක 42/5, නවෝද් රසාංග 25/3) 

තක්ෂිලා විදුහල - ඕවර 29.4 කදී කඩුලු 2 ක් දැවී 144 
(හිරංග ජයකොඩි නොදැවී 65, විදුෂාන් යසින්ත නොදැවී 50) 

-036 


අදහස් (0)

පසිඳු - හිරංග - විදුෂාන් තක්ෂිලාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.