Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket නාලන්දා විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

නාලන්දා විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2019 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ නාලන්දා විදුහල අද (28 වැනිදා) සමත් විය.
 
ඒ පානදුර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව ලකුණු 31 ක ජයක් අත්කර ගනිමිනි.

වේල්ස් කුමර විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූ චානුක අතුකෝරල ලකුණු 27 කට කඩුලු 4 ක්ද, දිනෙත් සමරවීර ලකුණු 20 කට කඩුලු 3 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


නාලන්දා විදුහල - ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 129
(විනුක නානායක්කාර 22, නවෝද්‍ය නවාංජන 22, රවීන් ද සිල්වා 21, විනුජ රන්පුල් 15/3, කූන්චන පෙරේරා 24/3, ආදිත්‍ය ඉමාෂ 23/2)

වේල්ස් කුමර විදුහල - ඕවර 30.3 කදී සියලු දෙනා දැවී 98
(පසිඳු පැතුම් 38, චානුක අතුකෝරල 27/4, දිනෙත් සමරවීර 20/3)

-036

 


අදහස් (0)

නාලන්දා විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.