Last Update  :  2024-04-24 10:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket 17 න් පහළ දෙවැනි වටයට කණ්ඩායම් 32 ක්

17 න් පහළ දෙවැනි වටයට කණ්ඩායම් 32 ක්

editorial - 2019 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටය සඳහා කණ්ඩායම් 32 ක් සුදුසුකම් ලබා ඇත.

දෙවැනි වටයේ තරගද කාණ්ඩ 8 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 ක් බැගින් ඇතුළත් වේ.

එහිදී එක් කණ්ඩායමකට තරග 3 කට මුහුණදීමට සිදුවන අතර ඒ ඒ කාණ්ඩයන්හි ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. එම කණ්ඩායම් 16 එතැන් සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදිනු ඇත.

පළමු වටයේදී පාසල් කණ්ඩායම් 74 ක් කාණ්ඩ 14 ක් යටතේ තරග වැදිණ. තරගාවලියේ දෙවැනි වටයේ තරග මේ මස 16 වැනිදා අවසන් වීමට නියමිතය.  


දෙවැනි වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම්

‘කිව්’ කාණ්ඩය
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, මාතර ශාන්ත තෝමස් විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය.

‘ආර්’ කාණ්ඩය
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, කළුතර විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය.

‘එස්’ කාණ්ඩය
කඳාන ද මැසිනොද් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, මීගමුව ශාන්ත පීතර විද්‍යාලය.

‘ටී’ කාණ්ඩය
කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කැළණිය ගුරුකුල විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය.

‘යු’ කාණ්ඩය
කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය.

‘වී’ කාණ්ඩය
කොළඹ ලුම්බිණි විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

‘ඩබ්ලිව්’ කාණ්ඩය
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය

‘එක්ස්’ කාණ්ඩය
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය

...


අදහස් (0)

17 න් පහළ දෙවැනි වටයට කණ්ඩායම් 32 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.