Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket මැසිනොද් විදුහල කඩුලු 4 කින් ජයගනී

මැසිනොද් විදුහල කඩුලු 4 කින් ජයගනී

editorial - 2019 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කඳාන ද මැසිනොද් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට මැසිනොද් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැසිනොද් විදුහලේ සිහින සිතුමින ලකුණු 22 කට කඩුලු 4 ක් දවාගනිමින් ධර්මාශෝක විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී විය.


ධර්මාශෝක විදුහල - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 62
(මනීෂ රෂ්මික 19, සිහින සිතුමින 22/4, ප්‍රමෝද් රාජමුනින්ද්‍ර 11/2, චානුක සිල්වා 19/2)

මැසිනොද් විදුහල - ඕවර 18.1 කදී කඩුලු 6 ක් දැවී 63
(රුවින් ෆොන්සේකා 25, ෂෙවොන් ප්‍රානාන්දු 21, හසිඳු දිනුජය 15/3, නවීන් රසාංග 22/2)


-036

 


අදහස් (0)

මැසිනොද් විදුහල කඩුලු 4 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.