Last Update  :  2024-03-28 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket දේවපතිරාජ විදුහලට ලකුණු 254 ක දැවැන්ත ජයක්

දේවපතිරාජ විදුහලට ලකුණු 254 ක දැවැන්ත ජයක්

editorial - 2019 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ රත්ගම දේවපතිරාජ විදුහල සහ මාතර රාහුල විදුහල අතර රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 254 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ දේවපතිරාජ විදුහලේ පවන් සන්දේශ් නොදැවී 152 ක් රැස්කළ අතර එම විදුහලේම අනුෂ්ක ෂෙහාන් ලකුණු 18 කට කඩුලු 5 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

දේවපතිරාජ විදුහල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 305  
(පවන් සන්දේශ් නොදැවී 152, ජීවක සචින් 48, නිතින් චමුද 28, ඔවින් බෝපගේ 57/2) 

රාහුල විදුහල - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 51  
(අනුෂ්ක ෂෙහාන් 18/5, ජීවක සචින් 03/2) 

-036 


අදහස් (0)

දේවපතිරාජ විදුහලට ලකුණු 254 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.