Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ත්‍රිත්ව විදුහලට ලකුණු 10 ක තියුණු ජයක්

ත්‍රිත්ව විදුහලට ලකුණු 10 ක තියුණු ජයක්

editorial - 2019 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජොෂප් වාස් විදුහල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 10 ක ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ත්‍රිත්ව විදුහලේ රනුද සෝමරත්න (නොදැවී 60) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම මතීෂ පතිරණ ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගත්තේය.


ත්‍රිත්ව විදුහල - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 124
(රනුද සෝමරත්න නොදැවී 60, තවින් අමරසිංහ 21, ශෙරාන් අමිඳු 11/2, කෞෂාන් විජේරත්න 24/2, දනුක නිර්මාල් 22/2, නිපුන් ද සිල්වා 25/2)

ශාන්ත ජොෂප් වාස් විදුහල - ඕවර 40.5 කදී සියලු දෙනා දැවී 114
(කෞෂාන් විජේරත්න 24, දිනිත් ප්‍රනාන්දු 23, මතීෂ පතිරණ 29/3, අභිෂේක් ආනන්දකුමාර 21/2)

-036

 


අදහස් (0)

ත්‍රිත්ව විදුහලට ලකුණු 10 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.