Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ජෝෂප් වාස් විදුහල දැවැන්ත ජයක් ලබයි

ජෝෂප් වාස් විදුහල දැවැන්ත ජයක් ලබයි

editorial - 2019 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ මාරවිල ශාන්ත ෂේවියර් විදුහල අතර වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 402 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් වාස් සමත් විය. 

එහිදී ශාන්ත ජෝෂප් වාස් විදුහලේ ශෙරාන් අමිඳු (134) ශතකයක් ලබාගත් අතර කවිඳු මඳුරංග (නොදැවී 78) අර්ධ ශතකයක් ලබාගත්තේය. එම විදුහලේම අචින්ත දේෂාන් ලකුණු 52 ක් රැස්කරමින් සහ ලකුණු 11 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය. 

ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 455  
(ශෙරාන් අමිඳු 134, කවිඳු මඳුරංග නොදැවී 78, අචින්ත දේෂාන් 52, චාලුක සංදීප 44, දිනෙත් උෂාර 22, ප්‍රමුදිත අප්පුහාමි 75/4) 

ශාන්ත ෂේවියර් විදුහල - ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 53  
(චමත් යශෝහාර 11/5, අචින්ත දේෂාන් 15/3) 

- 036


අදහස් (0)

ජෝෂප් වාස් විදුහල දැවැන්ත ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.