Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ජෝෂප් වාස් - අන්තෝනි අවසන් තරගය ඉරිදා

ජෝෂප් වාස් - අන්තෝනි අවසන් තරගය ඉරිදා

ශානුක අරවින්ද - 2019 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
 ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් මහ තරගය වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර ලබන ඉරිදා (22 වැනිදා) කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී ශාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස ළහිරු අබේසිංහ කටයුතු කරන අතර ශාන්ත ජෝෂප් වාස් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස මෙනූෂ පෙරේරා කටයුතු කරනු ඇත.

ගාල්ල මහින්ද විදුහලට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී හිමිකරගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ශාන්ත අන්තෝනි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී හිමිකරගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුවය.
 
මූලික වටයේදී සහ දෙවැනි වටයේදී කාණ්ඩ ශූරයන් බවට පත්වෙමින් තෙවැනි වටයට සුදුසුකම් ලබාගත් ශාන්ත ජෝෂප් වාස් විදුහල, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ එහිදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමිනි. මාතර ශාන්ත සර්වේෂස් විදුහලට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී හිමිකරගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ශාන්ත ජෝශප් වාස් විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ශාන්ත අන්තෝනි විදුහලද මූලික වටයේදී සහ දෙවැනි වටයේදී කාණ්ඩ ශූරයන් බවට පත්වූ අතර තෙවැනි වටයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල පරාජය කරමින් ඔවුහු අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියහ. ශාන්ත අන්තෝනි විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමිනි.

ශාන්ත අන්තෝනි විදුහල් සංචිතය
ළහිරු අබේසිංහ (නායක), රයන් ඇන්තනී (උප නායක), ඉඳුවර ගලපිටගේ, පසිඳු ජයවංශ, තිසර ඒකනායක, මොහොමඞ් ආකීල්, ටේ‍රවිනෝ මැතිව්, අංජල බණ්ඩාර, චමල්ක බණ්ඩාර, ඉෂාර අබේසිංහ, රවිඳු කපුකොටුව, මොහොමඞ් ෂෙහාඞ්, මලිෂ් අමරකෝන්, එන්. සබේෂන්, චමෝද් ගුණරත්න, සඳරු බණ්ඩාර, මොහොමඞ් අබ්දුල්ලා, හේෂාන් බණ්ඩාර, දිමුතු වීරසිංහ මහතා (කනිෂ්ඨ ප්‍රධාන පුහුණුකරු),  සුනෙත් ගුණතිලක මහතා (ජ්‍යෙෂ්ඨ ප්‍රධාන පුහුණුකරු), සුසන්ත බස්නායක මහතා (පුහුණුකරු), ජූලියන් ආනොල්ඩා මහතා (පුහුණුකරු), ලක්ෂාන් කලුදීර මහතා (පුහුණුකරු), අමිල ආරියරත්න මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

ශාන්ත ජෝෂප් වාස් විදුහල් සංචිතය
මෙනූෂ පෙරේරා (නායක), සචිර ද සොයිසා, අවිෂ්ක පෙරේරා, සුහද ප්‍රනාන්දු, විශ්ව රාජපක්ෂ, රුචිර පවන්, සඳරු නවෝද්‍ය, දසුන් පෙරේරා, තරිඳු එෂාන්, කවීෂ් මිහිසර, සෙත් රන්තිස, ෂෙනිත් දුලක්ෂණ, කවිත් ෂෙහාර, කවිඳු නිශාර, සුරේකා දිල්හානි මහත්මිය (ක්‍රිකට් භාර ආචාරිණිය), අමිල සම්පත් ඇන්ටන් මහතා (පුහුණුකරු)

 

වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල


අදහස් (0)

ජෝෂප් වාස් - අන්තෝනි අවසන් තරගය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.