Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ශාන්ත ජෝෂප් ‘බී’ පිලට පළමු ඉනිමේ ජයක්

ශාන්ත ජෝෂප් ‘බී’ පිලට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම සහ රත්නපුර කුමර විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.


එහිදී ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිනිල් ෆර්නෑන්ඩස් ලකුණු 24 කට කඩුලු 4 ක් දවාගත් අතර කුමර විදුහල් පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීම සඳහා දිනිල්ට අනගි සහායක් දුන් ලක්මිණ ප්‍රනාන්දු ලකුණු 52 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 60.3 කදී සියලු දෙනා දැවී 111
(චතූප ප්‍රේමතිලක 27, රන්දුන වීරරත්න 22, දිනිල් ෆර්නෑන්ඩස් 24/4, ලක්මිණ ප්‍රනාන්දු 52/3)

ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 8 ක් දැවී 118  
(යෙහාන් පෙරේරා 47, ස්ටීවන් වැන්සිහුම්බ්ලෙක් නොදැවී 22, හංසක ලෝරන්ස් 55/4, තේජාන් ජයවර්ධන 23/3)

-036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් ‘බී’ පිලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.