Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ත්‍රිත්ව විදුහල පළමු ඉනිම ජයගනී

ත්‍රිත්ව විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2019 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ත්‍රිත්ව විදුහලේ විභවිත් ඇල්ලෙපොල ලකුණු 55 ක් රැස්කළ අතර එම විදුහලේම දිනුක් තෙන්කෝන් ලකුණු 03 කට කඩුලු 3 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. 

විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 109 
(සහන් චන්ද්‍රසිරි 29, අෂේන් සේනානායක 21, දිනුක් තෙන්කෝන් 03/3, විහන් මුදුන්කොටුව 07/2, තේමිය ජයසුන්දර 20/2) 

ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 50.1 කදී කඩුලු 5 ක් දැවී 219 
(විභවිත් ඇල්ලෙපොල 55, දිනූෂ පීරිස් 41, සුපුන් වඩුගේ නොදැවී 33, ජනිත් රුක්ෂාන් 29, රහල් අමරසිංහ 20, ශැනන් කෝදාගොඩ නොදැවී 25, මනුප්‍රිය නුගපිටිය 58/2) 

-036 


අදහස් (0)

ත්‍රිත්ව විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.