Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ඩී.එස්. සේනානායක ‘බී’ පිල මුල් ඉනිම ජයගනී

ඩී.එස්. සේනානායක ‘බී’ පිල මුල් ඉනිම ජයගනී

editorial - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායම සහ හොරේතුඩුව ශ්‍රී චන්ද්‍රසේකර මහ විදුහල අතර පානදුර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායමේ චෙනුල් පින්සර නොදැවී ලකුණු 58 ක් රැස්කළ අතර එම විදුහලේම සිනෙත් සංදීප සහ තරිඳු උදාර කඩුලු 3 බැගින් දවාගත්හ.

ශ්‍රී චන්ද්‍රසේකර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 55 කදී සියලු දෙනා දැවී 132  
(ප්‍රබෝධ සුවාරිස් 36, සත්සර චමෝද් 24, සිනෙත් සංදීප 32/3, තරිඳු උදාර 33/3, හංසන රන්දේෂ් 22/2)

ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 43.4 කදී කඩුලු 4 ක් දැවී 135  
(චෙනුල් පින්සර නොදැවී 58, සචිත සඳරුවන් නොදැවී 21, තත්සර චමෝද 37/3)

-036

 


අදහස් (0)

ඩී.එස්. සේනානායක ‘බී’ පිල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.