Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket තෙවැනි කොටසේ ශූරතාව යාපනයට

තෙවැනි කොටසේ ශූරතාව යාපනයට

Nisanka Sandeepani - 2019 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ශූරතාව හිමිකර ගැනීමට යාපනය මැදි විදුහල අද (5 වැනිදා) සමත්විය.

යාපනය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී නිට්ටඹුව ශ්‍රී සංඝබෝධී  විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට යාපනය මැදි විදුහල සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී සංඝබෝධී විදුහල් පළමු ඉනිම ලකුණු 119 කට සිමා කිරීමට කවිධර්ෂන් ඇතුළු පන්දු යවන්නෝ සමත්වූහ. කවිශ්ක මල්ෂාන් ලකුණු 26 ක් සහ තිශද්‍ය උද්දල ලකුණු 25 ක් රැස්කිරීමට සමත්වූහ.

විශිෂිට පන්දු යැවීමක නිරතවූ කවිධර්ෂන් ලකුණු 33 කට කඩුලු 7 ක් දවාගනිමින් ශ්‍රී සංඝබෝධී විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්විය. ගෞතම් ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 121 ක් රැස්කිරීමට යාපනය මැදි විදුහල සමත්විය. ශ්‍රී සංඝබෝධී විදුහල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාව පසුකිරීමත් සමගින් තරගය අවසන් කිරීමට සංවිධායකයෝ තීරණය කළහ.

සාජන් නොදැවී ලකුණු 46 ක් රැස්කළ අතර මිකේෂ් බෙල්සියන් ලකුණු 30 ක් රැස් කළේය.

ශ්‍රී සංඝබෝධී විදුහල - පළමු ඉනිම - ඕවර 46 කදී සියලුදෙනා දැවී 119
(කවිශ්ක මල්ෂාන් 26, තිශද්‍ය උද්දල 25, කවිධර්ෂන් 33/7, ගෞතම් 26/2)

යාපනය මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 26 කදී කඩුලු 3 ක් දැවී 121
(සාජන් නොදැවී 46, මිකේෂ් බෙල්සියන් 30)


අදහස් (0)

තෙවැනි කොටසේ ශූරතාව යාපනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.