Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket සාන්ත තෝමස් විදුහලේ යසිරුගෙන් ශතකයක්

සාන්ත තෝමස් විදුහලේ යසිරුගෙන් ශතකයක්

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සාන්ත තෝමස් විදුහලේ යසිරු රොද්‍රිගෝ (නොදැවී 103) ශතකයක් ලබාගත් අතර ශාන්ත ජෝශප් විදුහලේ ශෙරාන් ෆොන්සේකා (92 සහ නොදැවී 57) ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගත්තේය.


සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 105.5 කදී කඩුලු 9 ක් දැවී 350
(යසිරු රොද්‍රිගෝ නොදැවී 103, රයන් ප්‍රනාන්දු 71, අනුක් පලිහවඩන 54, ජී. කම්ස්ටන් 53, තේනුක ලියනගේ 36, දුනිත් වෙල්ලාලගේ 111/3, ශෙනුක ද සිල්වා 13/2)

කොළඹ ශාන්ත ජෝශප් විදුහල් පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 9 ක් දැවී 176
(ශෙරාන් ෆොන්සේකා 92, මිතිර තේනුක 20, ජී. කම්ස්ටන් 42/3, යසිරු රොද්‍රිගෝ 48/3, අනුක් පලිහවඩන 48/2)

ශාන්ත ජෝශප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 31 කදී කඩුල්ලක් දැවී 127
(සදේශ් ජයවර්ධන 62, ශෙරාන් ෆොන්සේකා නොදැවී 57)

-036

 


අදහස් (0)

සාන්ත තෝමස් විදුහලේ යසිරුගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.