Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket වාද්දුව මධ්‍ය විද්‍යාලය අවසන් තරගයට

වාද්දුව මධ්‍ය විද්‍යාලය අවසන් තරගයට

editorial - 2021 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් පාසල් වයස 19 න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට වාද්දුව මධ්‍ය විද්‍යාලය සමත්විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයකදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගනිමින් ඔවුහු අවසන් තරගයට සුදුසුකම් ලැබුහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රත්නාවලී බාලිකා විද්‍යාලය ඕවර 25 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 142 ක් රැස්කිරීමට සමත්විය.

අමාදි විජේසිංහ පන්දු 63 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 53 ක් ලබාගත් අතර විශ්මි ගුණරත්න පන්දු 41 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 37 ක් ලබාගත්තාය.

නවෝද්‍යා නෙත්මිණි සහ ඉනුෂි ශෙනොරිකා කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය වාද්දුව මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩිකාවෝ ඕවර 25 අවසානයේදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

නවෝද්‍යා නෙත්මිණි පන්දු 46 කදී හතරේ පහරක් සමගින් ලකුණු 35 ක් ද, නදීශිකා පෙරේරා පන්දු 35 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් සහ නෙත්මි පූර්ණා පන්දු 34 කදී හතරේ පහරක් සමගින් ලකුණු 23 ක් ලබාගනිමින් වාද්දුව මධ්‍ය විද්‍යාලය අවසන් තරගයට ගෙන යෑමට සමත්වූහ.

වාද්දුව මධ්‍ය විද්‍යාලය අවසන් තරගයේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලය හමුවිමට නියමිතව ඇති අතර බාලිකා තරග ඕවර 25 කට සීමාකර ඇත.


රත්නාවලී බාලිකා විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 6 ක් දැවී 142
(විශ්මි ගුණරත්න 37, අමාදි විජේසිංහ 53, නවෝද්‍යා නෙත්මිණි 12/2, ඉනුෂි ශෙනොරිකා 17/2)

වාද්දුව මධ්‍ය විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 6 ක් දැවී 143
(නෙත්මි පූර්ණා 23, නදීශිකා පෙරේරා 33, නවෝද්‍යා නෙත්මිණි 35, විදුශිකා පෙරේරා 20/2)

 


අදහස් (0)

වාද්දුව මධ්‍ය විද්‍යාලය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.