Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket රාජකීයයෝ අවසන් මහ තරගයට එති

රාජකීයයෝ අවසන් මහ තරගයට එති

editorial - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

------------------
ශානුක අරවින්ද
------------------

සදීෂ රාජපක්ෂගේ (නොදැවී 85) ඉවසිලිවන්ත පිතිහරඹය හේතුවෙන් අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ 'ඒ' කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල අද (28 වැනිදා) සමත් විය.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති  අවසන් පූර්ව තරගයේදී කොළඹ මහානාම විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් අත්කර ගනිමින් රාජකීයයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ. එහිදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වු සදීෂ, සිය ඉනිම ගොඩනැගීම සඳහා පන්දු 129 කට මුහුණදුන් අතර ඊට ඇතුළත් වුයේ හත⁣⁣⁣⁣රේ පහර 3 ක් පමණි.

සෙහාන් හේරත් (62) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 160 කදී ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සදිෂ, ඉන් නොනැවතී නායක අහන් වික්‍රමසිංහ (27) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් රාජකීය විදුහලේ ජයග්‍රහණය තහවුරු කළේය.

කාසියේ වාසිය දිනු රාජකීය විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මහානාම විදුහලට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 209 ක් පමණි. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ පවන් රත්නායක පන්දු 150 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 114 ක් රැස්කළේය.


මහානාම විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 209
(පවන් රත්නායක 114, විනුක රූබසිංහ 33, සොනාල් අමරසේකර 29/3)

රාජකීය විදුහල - ඕවර 47 කදී කඩුලු 4 ක් දැවී 210
(සෙහාන් හේරත් 62, සදීෂ රාජපක්ෂ නොදැවී 85, අහන් වික්‍රමසිංහ 27)

 


අදහස් (0)

රාජකීයයෝ අවසන් මහ තරගයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.