Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket පානදුර ශාන්ත ජෝන් විදුහල අ. පූර්ව වටයට

පානදුර ශාන්ත ජෝන් විදුහල අ. පූර්ව වටයට

editorial - 2021 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පානදුර ශාන්ත ජෝන් විදුහල ඊයේ (24 වැනිදා) සමත් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී පාදුක්ක සිරි පියරතන විදුහලට එරෙහිව ලකුණු 56 ක ජයක් අත්කර ගනිමින් ශාන්ත ජෝන් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ.

එහිදී ශාන්ත ජෝන් විදුහලේ ටිෂාන් අචින්ත ලකුණු 14 කට කඩුලු 5 ක්ද, සුමුදු උදාර ලකුණු 10 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් සිරි පියරතන විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

ශාන්ත ජෝන් විදුහල - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 156
(අමිල තරුවන් 31, චතුෂ්ක ශමෝද් 26, යසිරු සංදීප 23, තරිඳු චමෝද්‍ය 40/4, මධුෂාන් පීරිස් 28/3, ඔමේෂ් උදාර 13/2)

සිරි පියරතන විදුහල - ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 100
(යසිරු දිනෙත් 24, ටිෂාන් අචින්ත 14/5, සුමුදු උදාර 10/3)


අදහස් (0)

පානදුර ශාන්ත ජෝන් විදුහල අ. පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.