Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket පවන් - සසංක දේවපතිරාජයට ජය ගෙනෙති

පවන් - සසංක දේවපතිරාජයට ජය ගෙනෙති

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේෂස් සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර මාතර උයන්වත්ත ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

එහිදී දේවපතිරාජ විදුහලේ පවන් සංදේෂ් (51) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සසංක නිර්මාල් ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගත්තේය.


ශාන්ත සර්වේෂස් විදුහල - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 118
(හසිත අමරසිංහ 52, දිනිරු අබේවික්‍රමසිංහ 24, සසංක නිර්මාල් 27/5)

දේවපතිරාජ විදුහල - ඕවර 15.1 කදී කඩුලු 2 ක් දැවී 122
(පවන් සංදේෂ් 51, ජීවක ශෂේන් 37, තයුෂ් දමිඳු සංකල්ප 32/2)       


-036

 


අදහස් (0)

පවන් - සසංක දේවපතිරාජයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.