Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket පන්දු යවන්නෝ කේරි විදුහලට ජය ගෙනෙති

පන්දු යවන්නෝ කේරි විදුහලට ජය ගෙනෙති

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විදුහල සහ කොළඹ කේරි විදුහල අතර දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට කේරි විදුහල සමත් විය.

එහිදී කේරි විදුහලේ ලිතික දම්සිත් ලකුණු 14 කට කඩුලු 4 ක්ද, සුහයිල් නුර්, මොහොමඩ් අතීක් සහ දෙනම් මිලර් කඩුලු 2 බැගින්ද දවාගනිමින් සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විදුහල් ඉනිම සුනුවිසුණු කර දැමූහ.


සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විදුහල - ඕවර 15.5 කදී සියලු දෙනා දැවී 42
(ලිතික දම්සිත් 14/4, සුහයිල් නුර් 00/2, මොහොමඩ් අතීක් 10/2, දෙනම් මිලර් 17/2)

කේරි විදුහල - ඕවර 8.1 කදී කඩුල්ලක් දැවී 43
(ලිතික දම්සිත් නොදැවී 22)

-036

 


අදහස් (0)

පන්දු යවන්නෝ කේරි විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.