Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket කවිඳුගේ ශතකය රාජකීය විදුහල ඔසවා තබයි

කවිඳුගේ ශතකය රාජකීය විදුහල ඔසවා තබයි

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රාජකීය විදුහලේ කවිඳු පතිරත්න (නොදැවී 100) ශතකයක් ලබාගත් අතර දසිස් මංචනායක (67) සහ නෙතින් පනාපිටිය (නොදැවී 63) අර්ධ ශතක ලබාගත්හ. එම විදුහලේම උතුම් දිසානායක සහ ප්‍රශාන් කල්හාර කඩුලු 7 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 101 කදී කඩුලු 6 ක් දැවී 386
(කවිඳු පතිරත්න නොදැවී 100, දසිස් මංචනායක 67, නෙතින් පනාපිටිය නොදැවී 63, ඉසිවර දිසානායක 40, ප්‍රශාන් කල්හාර 43, අශේන් ගමගේ 24, අහන් වික්‍රමසිංහ 21, රෙසඳු තිලකරත්න 20, මහෝෂධ ප්‍රනාන්දු 63/3, ඉසුරු අයේෂ් 70/2)

ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 88
(සවිරු බණ්ඩාර 42, මහෝෂධ ප්‍රනාන්දු 20, උතුම් දිසානායක 22/4, ඩෑන් යබේෂ් 27/3, ප්‍රශාන් කල්හාර 25/2)  
 
ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 52 කදී කඩුලු 9 ක් දැවී 169
(සාවිරු බණ්ඩාර නොදැවී 66, නුෂාල් ධර්මරත්න 45, ප්‍රශාන් කල්හාර 46/5, උතුම් දිසානායක 76/3)


-036

 


අදහස් (0)

කවිඳුගේ ශතකය රාජකීය විදුහල ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.