Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket අවසන් පූර්ව තරග 4 ක් අද - හෙට

අවසන් පූර්ව තරග 4 ක් අද - හෙට

editorial - 2021 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

----------------------
ශානුක අරවින්ද
---------------------

වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග 4 ක් අද සහ හෙට (24-25) පැවැත්වේ. පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක, රත්ගම දේවපතිරාජ, ගාල්ල මහින්ද සහ කොළඹ ආනන්ද යන විදුහල් සමත්ව තිබේ.

මෙම කණ්ඩයම් අතර අවසන් පූර්ව තරග 25 වැනිදා (හෙට) පැවැත්වෙන අතර අවසන් මහ තරගය මැයි මස 2 වැනිදා කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අර්ධ අවසන් පූර්ව වටයේදී ධර්මාශෝක විදුහල විසින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලද, දේවපතිරාජ විදුහල විසින් කොළඹ ඉසිපතන විදුහලද, මහින්ද විදුහල විසින් වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලද, ආනන්ද විදුහල විසින් වත්තල ශාන්ත අන්තෝනි විදුහලද පරාජය කරනු ලැබීය.

දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මැදි විදුහල, අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල, පානදුර රාජකීය විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල සමත්ව තිබේ.

මෙම කණ්ඩයම් අතර අවසන් පූර්ව තරග 24 වැනිදා (අද) පැවැත්වෙන අතර අවසන් මහ තරගය මේ මස 29 වැනිදා කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අර්ධ අවසන් පූර්ව වටයේදී ජයවර්ධනපුර මැදි විදුහල විසින් කෝට්ටේ ජනාධිපති විදුහලද, පී. ද එස්. කුලරත්න විදුහල විසින් බලපිටිය රේවත විදුහලද, පානදුර රාජකීය විදුහල විසින් ගම්පහ බණ්ඩාරනායක විදුහලද, ශාන්ත ජෝෂප් විදුහල විසින් හොරණ තක්ෂිලා විදුහලද පරාජය කරනු ලැබිණ.  


24 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග (II වැනි කොටසේ ‘බී’ කාණ්ඩය)
■ ශ්‍රී ජයවර්ධනපුර මැදි විදුහලට එරෙහිව පී. ද එස්. කුලරත්න විදුහල මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

■ පානදුර රාජකීය විදුහලට එරෙහිව මාතලේ ශාන්ත තෝමස් විදුහල මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී


25 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග (I වැනි කොටසේ ‘බී’ කාණ්ඩය)
■ ධර්මාශෝක විදුහලට එරෙහිව දේවපතිරාජ විදුහල කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
■ මහින්ද විදුහලට එරෙහිව ආනන්ද විදුහල කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

අවසන් පූර්ව තරග 4 ක් අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.